ප්රධාන ජලාශ 13ක් සහ මධ්යම පරිමාණ ජලාශ 07ක් වාන් දමයි
1 min read
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශය අතුරින් ප්රධාන ජලාශ 13ක් සහ මධ්යම ජලාශ 07ක් මේ වනවිට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කර ඇති අතර සෙසු ජලාශ 10ක් වාන් මට්ටමට ළඟාවී ඇත.
රාජාංගනය ජලාශයේ අඩි දෙක බැගින් වාන් දොරටුවක්, දැදුරු ඔය ජලාශයේ අඩිය බැගින් වාන් දොරටු දෙකක් සහ අලිකොට ආර ජලාශයේ අගල් 16 බැගින් වාන් දොරටු තුනක් ද විවෘත කර ඇති බව සඳහන්ය.
මේ අතර මධ්යම පරිමාණ ජලාශ 6ක් වාන් දමන අතර එක් ජලාශයක් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වේ.
