September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සජබ විරෝධයට විපක්ෂයේ පක්ෂ රැසක් බැහැ කියයි

1 min read

සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24 වැනිදා) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සජබ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගී නොවීමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන තීන්දු කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, විපක්ෂයේ කාන්තා සංවිධාන, කලා සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් මෙම තීරණය ගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේ ඊයේ (23 වැනිදා) පැවැති සාකච්ඡාවකදී ද මේ පිළිබඳව අවධානය යොමුකර ඇත.

සමගි ජන බලවේග විපක්ෂයේ සෙසු පක්ෂ සමග ඒකාබද්ධ වී ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිවීම කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ සැලසුම සහ අවශ්‍යතාවක් වන බවත්, සමගි ජන බලවේග නායකත්වය මේ මොහොතේ ආණ්ඩුවේ එම වුවමනාව ඉටු කරමින් සිටින බවත්, විපක්ෂයේ දේශපාලන පක්ෂවල ස්ථාවරය වී තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා සහභාගීවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කල් තියා සූදානම් වී තිබියදී, සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙක් විසින් නායකත්වයේ අවශ්‍යතාව පරිදි කල්ලිවාදී ප්‍රකාශයක් කර ආණ්ඩුවේ මෙහෙයවීම මත විපක්ෂයේ පක්ෂවල සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ බව සෙසු පක්ෂ පවසයි.

ජනප්‍රිය පුවත්  රංගගේ මරණය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x