September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

1 min read

“Atlas Angel – 2026” නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

ඒ අතර ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයකට අනුව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්ත මහතා විසින් නේටෝ (NATO) සංවිධානය සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ඇතිකර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ආරක්ෂක හමුදා නවීකරණය කිරීම, නව තාක්ෂණය හඳුන්වාදීම, අන්තර්ජාල මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම සහ ආපදා ප්‍රතිචාර සඳහා NATO සංවිධානයේ ආරක්ෂක හමුදාවල සහාය ලබාගනු ඇත. නේටෝ සංවිධානය හමුදාමය ක්‍රියාන්විත සඳහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ අමෙරිකානු ආරක්ෂක හමුදාවලින් බැවින් සහ නේටෝ සංවිධානයේ රටවල් සමග SOFA ගිවිසුම් අත්සන්කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ අත්සන්කර ඇති SOFA ගිවිසුමේ ඇමුණුම් බී. ලේඛනයට එකඟතාවය පළකිරීම සඳහා ශ්‍රී ලංකාවට බැඳීමක් ඇතිවිය හැකි බව සහ එය බරපතළ අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  ප්‍රමිතියක් නෑ කියලා බාල ගල් අඟුරු කියන්න බෑ… තියෙන්නේ බලශක්තිය නිපදවීමේ අඩුවක් විතරයි..! – නි. ඇමති අක්‍රම් ඉල්යාස්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x