September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතුන් දෙදෙනකු මැරුවයි නාවික සෙබළියන් 2ක් මාට්ටු

1 min read

2008 වසරේදී ත්‍රිකුණාමලය පාලවුත්තු ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකු සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකාරියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලේ දුම්රියපළ පාරේ හා හලාවත අලුත්වත්ත ප්‍රදේශවල පදිංචි 45 හා 42 හැවිරිදි හිටපු නාවික හමුදා නිලධාරිනියන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

2008 වසර් ජනවාරි මස 13 වැනිදා හෝ ආසන්න දිනක අලුයම් කාලයේදී ත්‍රිකුණාමලය පාලවුත්තු ප්‍රදේශයේ පදිංචි මේරි ඩෙල්ෂියා සහ ශෂිකුමාර් තේන්මොලි යන කාන්තාවන් දෙදෙනා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ඝන්සයිට් නමැති භූගත සිර මැදිරියක රඳවා තබාගෙන කෘෘර වදහිංසනයට ලක්කර ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීමට අදාළව අනාවරණය වූ තොරතුරු මත මෙම නාවික කාන්තා සුළු නිලධාරිනියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් ඊයේ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජනප්‍රිය පුවත්  බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x