September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. – විමල් වීරවංශ

1 min read

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරට නීතියට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේත හෝ සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කර තිබියදීත්, පාසල් දරුවන් සහ ගුරුවරුන් පවා නිල ඇඳුමින් මෙම සැමරුම් සඳහා සහභාගී කරවාගෙන ඇති බවයි.

නීතිය සැමට පොදු බවට ජනාධිපතිවරයා සහ අගමැතිනිය ප්‍රකාශ කළද, උතුරේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී හා බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක නොවන බවත්, පසුගිය මැතිවරණ සමයේදී ඇති කරගත් එකඟතාවයන් මත මෙලෙස ක්‍රියා කිරීමට ඉඩ දී ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.

එමෙන්ම නැගෙනහිර දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන්ට වගාබිම්වලට ඇතුළු වීමට ඉඩ නොදෙමින් බලපෑම් එල්ල වන බවටද, බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අගතියක් වන ලෙස කටයුතු සිදුවන බවටද චෝදනා කළ ඔහු, ජාතික ආරක්ෂාව සහ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් සාමය පවාදීමට ඉඩ නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනප්‍රිය පුවත්  මහවැලි පහළ නිම්නයේ අධි ගංවතුර අවදානමක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x