September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරගලයට කලාකාරයෝ ගියේ ෂෝවලට වගේ සල්ලිවලට.. ජනතාව කුපිත කරන හැම ජවනිකාවකටම මුදල් ලැබුණා.. චූලා පද්මේන්ද්‍රත් කළේ ඒ ජොබ් එක…! – කීර්ති රත්නායක..

1 min read

ගවේෂණාත්මක මාධ්‍ය වේදී කීර්ති රත්නායක සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.

“චූලා 2021 වසරේ විවාහක රූ රැජින ලෙස තේරී පත්වූ පුෂ්පිකාගේ කිරුළ ගැලවූවාය. එම තරඟයට ඉදිරිපත් වන විට ඇය ස්වාමියාගෙන් වෙන්වී දික්කසාද නඩුව පැටලී සිටීම කිරුළ ගැලවීමට හේතුව විය. චූලා එම සිදුවීමට ලෝක රූ රැජිණක් වූ කැරොලීන්ද ඈඳා ගත්තාය.

එම සිදුවීම නිසා කැරොලින්ට ලෝක ලෝකරූ රැජිණ කිරුල අහිමි විය. පුෂ්පිකාට ගෝඨාණ්ඩුවේ රැකවරණය ලැබීමත් සමගම ලංකා ඊ නිවුස් කැරොලින් වෙනුවෙන් පෙනී සිටියේය.

එකල්හි චූලා, ඉරාජ්ට පස් පඩංගුවේ බැණ අඩ ගැසුවාය. ඉන් වසරක් ගිය තැන ඉරාජ්ලාගේ ආණ්ඩුව එලවන සටනට ඇය වීදි බැස්සාය. ඇය වීදි බැස්සේ නිකම් නොවේ. එකල්හි අරගලයට සම්බන්ධ වන සෙලිබෙරටිලාට මුදල් ලැබුණි.

සෙලිබරටිලා කළ යුතුව තිබුණේ, දවසට දෙවතාවක් අරගල භූමියට ගොස් ජනයා අවුළුවන පෝස්ටරයක් හෝ ජවනිකාවක් රඟ දැක්වීමය. එහි ජනයා නොදැක්ක දෙයක් තිරය පිටුපස සිදුවි‍ය.
සෙලිබෙරටිලා රඟ දැක්වූ ජවනිකාවේ වීඩියෝ ක්ලිප් එකට මුදල් ලැබුණි. එසේ මුදල් දෙන පොට් කිහිපයක් තිබුණි.

ජනප්‍රිය පුවත්  උපුල්ට වෙඩි තැබූ හැටි…!

විජේරාමයේ කාංසා තිප්පොළක් අටවාගෙන සිංහල ඩයස්පෝරාවෙන් ගාන කපන ටියුශන් තක්කඩියාගෙන් චූලා මුදල් ලබාගත් බව මා ඇය ජීවත්ව සිටියදීම ලියා ඇත. දෛවය සරදම්කාරයකි.
චූලා සිය අවසන් ප්‍රසංගය පවත්වන විට එදා බැන හඬ ගැසූ ඉරාජ් බොක්කේ මිතුරෙකි.

චූලා සමුගත්තේ වටිනා පණිවිඩයක් තබමිනි. සමාජ සාධාරණත්වය ගැන කතා කරන්නෙක් නම් එය වචන වලට සීමා නොකළ යුතුය. සමාජ සාධාරණත්වය ගැන කතා කතා කියන්නා ක්‍රියාකාරීත්වයෙන් අවංක විය යුතුය. චූලා අවසන් ගමන් ගියේ විප්ලවය ව්ගඩමක් කරමිනි.”

•⁠ ⁠කීර්ති රත්නායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x