November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු ඇමති මහින්දානන්ද හොරා කාලා නෑ… හිරේ දැම්මේ ඡන්දේ කාලේ කැරම් බෝඩ් බෙදූ නිසායි…! – රංග දිසානායක…

1 min read

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෞද්ගලිකව කිසිදු මහජන මුදලක් හොරකම්කර නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.

ඔහු සිදුකර ඇති වරද ක්‍රීිඩා සමාජ සඳහා බෙදීමට කැරම් බෝඩ් මිලට ගැනීම බවද හෙතෙම පෙන්වා දෙයි.

කැරම් ක්‍රීඩාව ප්‍රවර්ධනය කළ හැකි වුවද ඒවා මැතිවරණ කාලයක ඡන්දය ලබාගැනීමේ අභිලාෂයෙන් ජනතාවට බෙදීමට ගෙන ඒම වරදක් බවද රාජ්‍ය මුදල් සහ සිය බලය අයුතු ලෙස යොදාගත නොහැකි බවද රංග දිසානායක ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවක සතොස සභාපති නලින් ප්‍රනාන්දුට වසර 20ක් සහ වසර 25ක් බැගින් සිරදඬුවම් නියම වූයේ එම වරදට බවද ඔහු සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x