September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

12 වැනිදා අනුරාධපුරයේ රැලිය නවත්වන්නේ නෑ – පොහොට්ටුවෙන් නිවේදනයක්

1 min read

රිමාන්ඩ් භාරයට පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ එම චෝදනා පදනම් විරහිත හා දේශපාලනිකව පොළඹවීමක් මත සිදුකළ චෝදනා බවට සිය පක්ෂය විශ්වාස කරන බවය.

අදාළ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල බලතල සහිතව නිර්මාණය කරනු ලැබුවේ මෙරට තුළ සිදුවිය හැකි දූෂණ හෝ වංචා පිටු දැකීමට මිස දේශපාලනය සඳහා අවියක් ලෙස භාවිත කිරීමට නොවන බවය.

එමෙන්ම රට තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍ය ආයතන දේශපාලනික තර්ජන සඳහා මෙවලමක් වශයෙන් භාවිතා කිරීමට පෙළඹේ නම් රටට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකක් දැක්විය යුතු බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත්ව ඇති මෙරට ජනතාව එක්රැස් කරමින් ජන රැලියක් එළැඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ පසුබිමක එම රැලිය සඳහා දැවැන්ත ජනතාවක් සහභාගී වනු ඇති බවට ලැබෙමින් තිබූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීම ප්‍රශ්න සහගත බවද පක්ෂ මහලේකම්වරයා අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8ක් ගියත් වාර්තා සභාගත කර නෑ

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කළද එළැඹෙන 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැලිය ඔහු පැතූ අයුරින්ම පවත්වන බවත් එම එහි සඳහන් කර ඇත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x