October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..

1 min read

ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත එම විශ්ලේෂණය වාර්තා කරමින් ප්‍රකාශ කර සිටියේ ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13 ක් සහ තවත් ඉරාන නෞකා කීපයක් ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා ඇති බවයි.

මෙලෙස ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ රැඳී සිටින නෞකා බොහොමයක් නැවත ඉරානයට ඇතුළු වී ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි රැඳී සිටින බවට විශ්වාස කළ හැකි බවත් එම නෞකා ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයට පැමිණ ඇති බවත් ටෑන්ක්ට්‍රැකර්ස් සම නිර්මාතෘ සමීර් මදානි ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් මෙම නෞකා සඳහා ශ්‍රී ලංකාව පහසුකම් සපයන්නේ නැති බවද මදානි අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකා සියල්ල පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වුවත් නෞකා නැංගුරම් ලා ඇත්තේ මෙරට සුවිශේෂී ආර්ථික කලාප සීමාවට පිටින් බැවින් එම නෞකා සම්බන්ධව ශ්‍රී ලංකාවට කිසිඳු බැඳීමක් නොමැති බවයි.

ජනප්‍රිය පුවත්  විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු

ඉරානයේ වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකාව යුද නෞකා යොදා ගනිමින් පනවා ඇති බාධකය හේතුවෙන් පසුගියදා ජූලි මස දෙවන සතියෙන් පසුව ඉරානයෙන් කර්ග් දූපතෙන් ගල්ෆ් කලාපයෙන් පිටත ගමනාන්තයක් සඳහා තෙල් පටවා නොමැති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම ඇමෙරිකානු නාවික බාධකය ඉරාන නෞකා 20 කට වැඩි ප්‍රමාණයකට පසුගිය මාස හයක කාලය තුළදී පහරදී තිබිණි.

එසේම ඇමෙරිකානු හමුදා බාධකය ඉරාන වරායන් වෙත පැමිණි තවත් වෙළෙඳ නෞකා 75 කට වැඩි ප්‍රමාණයක් ආපසු හරවා තිබෙන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ නැවත ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට හැකි වනතෙක් ඉරාන නෞකා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසන්න මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව පත රැඳී සිටින බව නාවික වෙළෙඳ දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට නාවික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති බැවින්, මැදපෙරදිග පවතින ගැටුම් සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුවීම විශේෂත්වයකි. ටෑන්ක්ට්‍රැකර්ස යනු නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණ ආයතනයකි.

  • විමුක්ති එස් රුද්‍රිගු
ජනප්‍රිය පුවත්  CNN ඇතුළු මාධ්‍ය ආයතන 3කට ධවල මන්දිරයට ඇතුළුවීමේ තහනමක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x