November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැබිනි මව්වරුන් බහුතරයකට මාසික ආදායම 50000ට අඩුයි

1 min read

දිස්ත්‍රික්ක දහතුනක ගර්භණී මව්වරුන් තිස්හත්දහසක් ආශ්‍රිතව සිදුකළ සමික්ෂණයකින් ඉන් බහුතරයකට මාසික ගෘහ ආදායම රුපියල් පනස්දහසකට අඩුවෙන් පෙන්නුම් කරන බවට හෙළිවු බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය අනාවරණය කරයි.

එම ගර්භණී මව්වරුන් විවිධ ජන කණ්ඩායම්වලට සහ විවිධ සමාජ මට්ටම්වලට අයත් වන අතර ඔවුන්ගේ ආදායම් තත්ත්වය පිළිබඳව දත්ත රැස්කිරීමේදී ඊට සහභාගිවු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තිස් හතරක ගර්භණී මව්රුන් බොහෝ දෙනකුගේ මාසික ගෘහ ආදායම රුපියල් පනස්දහසකට අඩු බව පවසා තිබේ.

ඔවුන් ආදායම් උත්පාදනය කිරීමේ රැකියාවල නිරත නොවන පිරිසක් ලෙසද මෙම සමීක්ෂණයේදී අනාවරණය වි ඇත.

අනුරාධපුර, බදුල්ල, රත්නපුර, මඩකලපුව, කොළඹ, ගම්පහ, පුත්තලම, කළුතර, නුවරඑළිය, යාපනය, ගාල්ල මහනුවර යන දිස්ත්‍රික්ක දහතුනෙහි ගර්භණී මව්වරුන්ට බහු පෝෂක අතිරේකය (MMS) ලබාදීම සම්බන්ධව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

මෙම බහු පෝෂක අතිරේකය ලබාදුන් ගර්භණී මව්වරුන්ගෙන් බහුතරය අවුරුදු විස්ස සහ හතලිස් නවය වයස් කාණ්ඩවල පසුවන බවට ද හඳුනාගෙන ඇත.

එසේම මෙම සමීක්ෂණයේදී ගර්භණී මව්වරුන්ගෙන් සියයට පහළොවකට (15 %) රක්තහීනතාවය ඇති බවට හඳුනාගෙන ඇත.

ජනප්‍රිය පුවත්  ඩොලරයේ විකුණුම් අගය රු. 318 සීමාව ඉක්මවයි

ගර්භණී සමයේ රක්ත හීනතාවය ඇතිවිමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ පෝෂණ ඌනතා වන අතර ප්‍රමාණවත් ආහාර නොගැනීම මෙන්ම, රුධිරයේ හිමොග්ලොබින් අඩුවිම, පරපෝෂිත ආසාදනද හඳුනාගෙන තිබේ.

මෙම සමීක්ෂණයෙන් පසු ගර්භණී මව්වරුන්ට දිනකට යකඩ විටමින් මිලිග්‍රෑම් තිහක් අඩංගු පෙති ලබා දීමට වෛද්‍යවරුන් නිර්දේශකොට ඇති අතර මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන්ගේ වැදගත් කාර්යභාරයක් මෙම කර්තව්‍යයේදී ඇති බවද පෙන්වා දී ඇත.

එමෙන්ම ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීමට ද මෙම සමීක්ෂණ වාර්තාව නිර්දේශ කොට ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x