October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

1 min read

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් බාර දී, ඊට ප්‍රතිචාර ලැබෙන තෙක් කිසිදු බාධාවකින් තොරව සාමකාමී අයුරින් එහි රැඳී සිටි අවස්ථාවක මෙම නියෝගය ලබා දීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එපමණක් නොව, අතීතයේදී වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් මාස ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන රාජකාරිවලට බාධා කළද, සාමකාමීව සිදුකළ මෙම ක්‍රියාවට එරෙහිව මෙලෙස නියෝග පැනවීම අසාධාරණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කළ ගම්මන්පිල මහතා, පොලිසිය විසින් සිදුකරන පහරදීම් සහ හිරිහැර සම්බන්ධයෙන් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තර්ජනය කරමින් උදුරා ගැනීමට උත්සාහ නොකරන ලෙසට පැවසීය.

මීට අමතරව, ආණ්ඩුව විසින් ගෙන එනු ලබන “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”ෙහි ව්‍යුහය සහ ව්‍යස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින්, එය සංශෝධනයකින් තොරව සම්මත කළ නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළ බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..

වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න:

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x