October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥාණසාර හිමිට දුන් අධිකරණ තීන්දුව නිවැරදියි.. එවකට මගේ නිලධාරීන් අතින් අත්වැරැද්දක් වෙලා.. – මෛත්‍රීගෙන් නිවේදනයක්

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් නගන ගැටලු සඳහා පිළිතුරු ලෙස මෙම නිවේදනය නිකුත් කරන බව ඔහු පවසයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවය.

ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇත.

ජනප්‍රිය පුවත්  බොරතෙල් මිල ඉහළට

මෙම නඩු දෙක යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතු විය.

ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව හෙතෙම සඳහන් කරයි.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්‍යා එන්නැලිගොඩ මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී ඇත.

තම මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමීන්ට යළි සිරගත වීමට සිදුවී ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එවකට තම නිලධාරීන් අතින් සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x