25 වැනිදායින් පසු ගොරවමින් වහිනවා -කාලගුණය කියයි
1 min read
මෙමස 25 වැනිදායින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්කේ ආශ්‍රිතව පිහිටා ඇති පීඩන අවපාතයේ බලපෑම මේ වනවිට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත්, අන්තර් මෝසම හේතුවෙන් මෙමස 25 වැනිදායින් පසුව වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවැසුවේය.
අද (23 වැනිදා) දිනයේදීද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊයේ (22 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුලදී වැඩිම වර්ෂාපතන තත්ත්වය වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට වත්ත ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මිලිමීටර් 85 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය.
