පොලිස් හා ඉඩම් බලතල සමඟ 13 සම්පූර්ණයෙන් ලබාදෙනවා – විපක්ෂ නායක
1 min read
13 වන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩම් හා පොලිස් බලතල සහිතව සම්පූර්ණයෙන් ලබාදිය යුතු බව හා එසේ ලබාදීම තම අභිලාෂය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (ඔක්තෝබර් 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීම තම අරමුණ බවද විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසීය. එසේම ඒ සඳහා පළාත් සභා මැතිවරණය ඉක්මණින් පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම කළු ජූලියේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් එහි වින්දිතභාවයට පත්වූ දෙමළ ජනතාවගෙන් රටක් ලෙස සමාව ඉල්ලන බවද, එම සිදුවීම හේතුවෙන් රට අතහැර ගිය ජනතාවට නැවත රටට එන ලෙෂ ආරාධනා කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවේ, 1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.
