November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිය අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක්ට දිවි අහිමි වෙයි

1 min read

මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ නම් වෛද්‍යවරයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි 50 හැවිරිදි වියේ පසු වූ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය විසින් පොලිසිය සිදුකරනු ලබයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x