September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..

1 min read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර පෙත්සම් 9ක් ඉදිරිපත් වී තිබූ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජන් අභයරත්න මහතා සහ විනිවිද පදනම විසින් අලුතින් පෙත්සම් 02ක් ගොනු කිරීමත් සමඟ මෙම සංඛ්‍යාව වැඩි විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය, මහාචාර්ය ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ මෛත්‍රී ගුණරත්න, දුමින්ද නාගමුව සහ මිලින්ද රාජපක්ෂ යන පාර්ශ්වයන් විසින් අනෙකුත් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතර, එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනු කළ පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කරන ලෙසයි.

ජනප්‍රිය පුවත්  RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x