14 දැරියට බරපතළ අතවර කළ මවුලවිවරයෙක් අත්අඩංගුවට..
1 min read
14 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මවුලවිවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති නමුත් පසුව නීතිඥවරයෙකු මාර්ගයෙන් පසුගියදා (20) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබිණි. පසුව ඔහු ලබන ජුනි 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
ප්‍රධාන සැකකරුට සහාය දුන් අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තවත් සැකකරුවෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගෙන පසුගිය මැයි 09දා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුද ජුනි 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ඉරක්කාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
