12ට පෙර ශිරන්ති රිමාන්ඩ්!
1 min read
ලබන 12 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නගරයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැලියට පෙර ශිරන්ති රාජපක්ෂව ද අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත මෙම තීරණය මේ වන විටත් ලබා දී තිබේ.
එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයාට සහතික වී ඇත්තේ ඇයට අදාළ විමර්ශන බොහොමයක් අවසන් අදියරේ පැවැත්වෙන බැවින් එය සිදුකිරීම අපහසු කාර්යයක් නොවන බවයි.
“සිරිලිය සවිය“ නමැති ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා, කොළඹ 05 ටොරින්ටන් මාවතේ දේපළ මිලදී ගැනීම, නිල නිවාස අක්‍රමිකතා සහ රජයේ දේපළ අවභාවිතය යන චෝදනා යටතේ විමර්ශන 4ක් ශිරන්ති රාජපක්ෂට එරෙහිව සිදුකර තිබෙන බවත්, ඒ ඕනෑම චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පිළිතුරු පැහැදිලි කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ පොළොන්නරුව රැළිය පැවැත්වෙන ලබන 12වැනිදාට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු සිදු කරමින් ඇත.
-වංගීස සමරසිරි-
