September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සේවක වර්ජනයෙන් අයිෆල් කුලුන වසයි.. හින්දු ආගමික සංවිධානයක පිරිසක් අයිෆල් කුලුන නැරැඹීමට යද්දී, සේවයේ නියැළි සිටි කාන්තාවන් ඉවත් කරලා..

1 min read

ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.

වැඩවර්ජනයට හේතු වූයේ, පැරිසියට පැමිණි හින්දු ආගමික සංවිධානයක සාමාජිකයන් පිරිසක් අයිෆල් කුලුන නැරැඹීමට යද්දී, අයිෆල් කුලුනේ සේවයේ නියැළි සහ අවට වෙළෙඳසැල්වල සේවයේ නියැළි සියලුම කාන්තාවන් එතැනින් ඉවත් කිරීමට පැරිස් බලධාරීන් පියවර ගත් බැවිනි.

පසුගිය දා පැරිස් අගනුවරට නුදුරින් හින්දු කෝවිලක් ඉදිකර එය විවෘත කෙරුණි. එම අවස්ථාවට, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සම්බන්ධ විය. ඒ, මාර්ගගත තාක්ෂණය ඔස්සේය.

පැරිසියට නුදුරින් හින්දු කෝවිලයක් ඉදි කිරීම, ඉන්දියාවත් ප්‍රංශයත් අතරේ සබඳතා තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වූ බව අග්‍රාමාත්‍ය මෝදි, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවේ අවධාරණය කළේය.

පැරිසියේ පමණක් නොව, මේවනවිට යුරෝපා රටවල් කීපයක ප්‍රධාන නගරවල ද හින්දු කෝවිල් දකින්න ලැබේ. කෝවිල් ඉදි කිරීම සිදු කරන්නේ ‘බෝචාසන්වාසි අක්ෂර් පුරුෂෝත්තම් ස්වාමිනාරායන් සංස්ථා’ නමැති ජාත්‍යන්තර හින්දු සංවිධානයේ මැදිහත් වීමෙනි.පැරිස් නුවර කෝවිල විවෘත කිරීම සඳහා පැරිසියට පැමිණි ‘බෝචාසන්වාසි අක්ෂර් පුරුෂෝත්තම් ස්වාමිනාරායන් සංස්ථා’ සංවිධානයේ සාමාජිකයන් 100 දෙනකු අයිෆල් කුලුන නැරැඹීමට ගියේ, ඔවුන් වෙනුවෙන් පමණක් පැය කීපයකට අයිෆල් කුලුන වෙන් කරවා ගනිමිනි.

ජනප්‍රිය පුවත්  ඩොලර් ප්‍රශ්නය බෙහෙත්වලටත් බලපායි

ඒ පැරිස් නගර සභාව සමග සාකච්ඡා කරමිනි.‘බෝචාසන්වාසි අක්ෂර් පුරුෂෝත්තම් ස්වාමිනාරායන් සංස්ථා’ සංවිධානයේ සාමාජිකයන් දැඩි හින්දු භක්තිකයන්ය. තමන් පැමිණෙද්දී, අයිෆල් කුලුනේ කටයුතු බලා ගන්නා සහ එහි පිරිසුදු කිරීම්වලට සම්බන්ධ කාන්තා සේවිකාවන් ද අවට අලෙවිසැල්වල සේවිකාවන් ද ඉවත් කරන්නැයි හින්දු සංවිධානය පැරිස් නගර සභාවෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව, පැරිස් නගරසභා බලධාරීන් අයිෆල් කුලුනේ සේවයේ නියැළි කාන්තා සේවිකාවන් සියලු දෙනා වහාම එතැනින් ඉවත් කිරීමට කටයුතු කළේය. පසුව අවශ්‍ය සියලු කටයුතු සඳහා පිරිමි සේවකයන් පමණක් යෙදවීය.‘බෝචාසන්වාසි අක්ෂර් පුරුෂෝත්තම් ස්වාමිනාරායන් සංස්ථා’ සංවිධානයේ සාමාජිකයන් පැමිණෙද්දී, ඔවුන්ට ‘අකැපයි’ කියා තමන් තමන්ගේ රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කාන්තා සේවිකාවන් පැරිස් නගර සභාවට දැඩි අප්‍රසාදය පළ කළ බව පැවැසෙයි.

ඒ අනුව, ඊයේ (8) වැඩවර්ජනය ඇරැඹිණි. පිරිමි සේවකයන් සියලු දෙනා ද ඊට එක් වුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ. මීට අමතරව, මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ වැසියන්ගෙන් පැරිස් නගරසභාවට දැඩි විරෝධයක් ද එල්ල වීමට පටන්ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අයිෆල් කුලුන පාලනය සිදුවන්නේ පැරිස් නගර සභාව යටතේය. අයිෆල් කුලුනේ දෛනික පාලනය, නඩත්තුව, ප්‍රවේශ පත්‍ර අලෙවිය සහ සංචාරක කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ ‘සෙතේ’ නමැති රාජ්‍ය-පෞද්ගලික මෙහෙයුම් සමාගමය.

ජනප්‍රිය පුවත්  වැස්ස තිබුණත් එල් - නිනෝ නිසා උණුසුම අඩු නොවේ

මෙම සමාගමේ කොටස්වලින් සියයට 99 ක්ම හිමිවන්නේ පැරිස් නගර සභාවටය. සාමාන්‍යයෙන් අයිෆල් කුලුන නැරැඹීඹට දිනකට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ගණන 15,000 ත් 25,000 ත් අතර යැයි පැවැසෙයි.අයිෆල් කුලුන දිනක් වසා තැබීමෙන් ප්‍රවේශ පත්‍ර අලෙවිය, උපකාරක සේවා සහ අභ්‍යන්තර වෙළඳසැල්වලින් ලැබෙන සෘජු ආදායමෙන් යුරෝ 200,000 ත් 400,000 ත් අතර (ඇමරිකානු ඩොලර් 220,000 – 440,000 පමණ) මුදලක් අහිමි වේ.

2024 පෙබරවාරියේදී සේවකයන් සිදුකළ දින 6 ක වැඩ වර්ජනය හේතුවෙන් ‘සෙතේ’ සමාගම ප්‍රකාශ කළේ තමන්ට යුරෝ මිලියන 1 ත් 2 ත් අතර (ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 – 2.2) මුළු ආදායම් අලාභයක් සිදු වූ බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x