September 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම් දෙකක් ඉවත දැමේ

1 min read

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණි.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් එක් පෙත්සමක් ගොනුකර තිබේ.

සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මඟින්ද අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් අනෙක් පෙත්සම ගොනුකර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x