April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමුස් අර්බුදය උත්සන්න වුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි!

1 min read

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන බොරතෙල් ප්‍රවාහනයට බාධා පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් නොලැබුණහොත්, ලබන සතිය වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බව ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය අනතුරු අඟවනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින බාධාකාරී තත්ත්වය හේතුවෙන් තම මූලික මිල පුරෝකථනයන් අභිබවා යාමේ අවදානම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.

හොර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනය ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ගෝල්ඩ්මන් සැක්ස් මීට පෙර අපේක්ෂා කළා.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x