June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හොරා නොකෑ පාර!

1 min read

අද මේ රට පාලනය කරන්නේ, සුවිමල (අති නිර්මල, ඉතා පිවිතුරු ) වූත්, සුවිශාල වූත් සුවිශේෂ වූත්, සුවිඥාන (මැනැවින් දන්නාවූ මනා කොට අවබෝධ කළ) වූත්, සුවිනීත (අතිශයින් විනීත) වූත් සුවිසුද්ධ (අති පාරිශුද්ධ) වූත්, සුශික්ෂිත (ඉතා සංවර) වූත්, සුසමාගත (මැනවින් එක් වූ) වූත් පාලන තන්ත්‍රයකි. ඒ පින්වත් පාලන තන්ත්‍රය, වැඩ කරන්නේ නොවරදින්නට ය. වැරදීම් 76“ වසරට අයත් වූ දේ ය! ඒවා වර්තමානයට අදාළ නැත. එබැවින් මේ ආණ්ඩුව කරන්නේ කුමක් ද? එය තිතටම හරි ය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන පාර ”කාපට්” කළේ ද මේ ආණ්ඩුවම ය. වෙනදා පාරක් ‘කාපට්“ කරන විට, පාරේ ඉඩ ඇති සෑම තැනටම තාර පතබාන්නේ නැත. ඒ වූ කලී හොරා කෑම හේතුකොටගෙන ය. දැන් එහෙම නැත! දැන් පාරක් ”කාපට්” කරන විට පාරේ ඉඩ තිබෙන සෑම තැනම ආවරණය වන පරිදි එය සිදුකරන්නේ ය. සුවිසුද්ධ පාලනයක හැටි එහෙමය.

කාට හරි හොරා නොකෑ පාරක් දැක බලා ගැනීමට අවශ්‍ය ද? එසේනම්, ඔබ බැලිය යුත්තේ මේ පාර දෙසය. වැඩිපුර තාර දමා ඇතැයි පවසන්නේ හොරා නොකෑ නිසා ය. හොරා කෑවේනම් ඒ වැඩිපුර පෙනෙන කොටස ‘කාපට්” වන්නේ නැත. එදා පාරවල් ”කාර්පට්” වෙද්දී අද පාරවල් ”කාපට්” වෙන්නේ එහෙමය.!

ජනප්‍රිය පුවත්  ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

මේවා දැක සතුටට පත් නොවන්නේ කවරෙක් ද?

මේ පාරේ නම ද වෙනස් කළ යුතුය. මෙයට කිව යුත්තේ ”හොරා නොකෑ පාර” කියාය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x