June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුඩු සමග ඇල්ලූ මාලිමාව නිදහස්!

1 min read

ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් චමින්දගේ රියදුරු සහ පුද්ගලික ලේකම් අනුර ඒකනායකගේ පුත් ලකිඳු ඒකනායක ඊයේ (10) අයිස් කිලෝවකට වඩා වැඩි ප්‍රමාණයක් සමග මීරිගම හල්පේ හන්දියේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැය 3කට වැඩි කාලයක් පොලිස් භාරයේ රඳවා තබාගෙන සිටි ඔහුව පොලිස් පොතේ නම සඳහන් නොකරම නිදහස් කර ඇත.

මේ පිළිබඳව මීරිගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමට මාධ්‍යවේදීන් උත්සාහ දරා ඇතත්, ඔහුගේ දුරකථනය අක්‍රීය කොට තැබීම හේතුකොට ගෙන එම උත්සාහය අසාර්ථක වී ඇත. පොලිස්පතිවරයා විසින් පසුගියදා නව චක්‍ර ලේඛණයක් මගින් පොලීසියට උපදෙස් දී තිබුණේ, මෙබදු සිදුවීම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට නොදෙන ලෙසයි.

සංඛ බාලසූරිය Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x