හෙන ගහනවා ! ඒකකය 100 ට වැඩියෙන් අරන් !
1 min read
ආණ්ඩුව විසින් තාප බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 100කට අධික මිලකට මිලදී ගනිමින් සිටින බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසයි.
නිවෙස්වල ස්ථාපිත සූර්ය පැනල මගින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 45කට මිලදී ගන්නා බවට රජය පොරොන්දු වුවද, එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
සූර්ය බලශක්ති උත්පාදනය සහ නිෂ්පාදනය වැඩි වුවහොත් තාප බලාගාරවලින් මෙලෙස අධික මිලට විදුලිය මිලදී ගැනීමට නොහැකි වන බව අතුල මහතා සඳහන් කරයි.
ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළවල් ප්‍රමුඛව ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවන්නේ තාප බලාගාර සඳහා අවශ්‍ය වන තෙල්වලින් ලැබෙන කොමිස් මුදල්වලට ඇති ගිජුකම නිසා බවට ඔහු චෝදනා කරයි.
පාලකයින්ට පාරිභෝගිකයාගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍යතාවයක් නැති බවත්, ඔවුන් තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ ඒ හරහා ලැබෙන තෙල් රහ නිසා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
