හිටපු ජනපති රනිල්ගේ ලන්ඩන් සංචාරය පිළිබඳ නඩුව අද
1 min read
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති සමන් ඒකනායක මහතාට එරෙහි නඩුව අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය.
2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර ඊට ආධාර අනුබල දුන් බවට සමන් ඒකනායක මහතාට චෝදනා එල්ල කර ඇත.
මීටපෙර මෙම නඩුව පසුගිය අප්‍රේල් 29 වනදා කැඳවා තිබුණු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දී තිබුණේ මීළඟ නඩු දිනයට පෙර සැකකරුවන්ට අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බවකි. එහෙත් අද දක්වාම එය සිදුකර තිබුණේ නැත.
