June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේවගැති, අගවිනිසුරු සූරසේනගේ පුත්තු අධිකරණයේ පහරති !

1 min read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, වසර 2 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් උත්සාහ දරමින් සිටින, දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පෞද්ගලික වාසි උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයන්හි තීරණ ලබා දෙන බව අප වෙත වාර්තා වී තිබේ.

එය සිදු කෙරෙමින් ඇත්තේ ඔහුගේ පුතුන් දෙදෙනා හරහා සිදුකෙරෙන පණිවුඩ හුවමාරු හරහා ය. එය සිදු කෙරෙන්නේ මෙසේය.

දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ වැඩිමහල් පුතා වන දමිතු සූරසේන විවාහකය. ඔහුගේ බාල පුතා වන චමල් සූරසේන විවාහවීමට සූදානමින් සිටී. දමිතු සහ චමල් යන දෙදෙනාම කනිෂ්ඨ නීතිඥයන් වශයෙන් සේවය කරනුයේ ශිවන් කුරේ (Srivan Cooray) නැමැති ජ්‍යෙෂ්ඨ නීතිඥයාට අයත් “Srivan Cooray Law Chambers” හි ය. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සමීපව කටයුතු කරන ඔහු ඇමරිකානු වාණිජ සංගමය සමඟ ද ක්‍රියා කරයි.

ඔහුගේ නීති ආයතනය තුළ බැංකු නීතිය, රක්ෂණයට අදාළව මෙන්ම, බුද්ධිමය දේපළ හා ණය ප්‍රතිව්‍යුහකරණය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සේවා සපයනු ලබයි. කම්කරු ආරවුල් ද ඔවුන්ගේ විෂය පථයට අයත් වේ. එම ආයතනය අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග වෙනුවෙන් පෙනී සිටී.

ජනප්‍රිය පුවත්  පුනරුද ශාපය නැවතත්! තවත් ගං වතුරක්!

එමෙන්ම, ජාත්‍යන්තර ආයතනික බේරුම්කරණයට අදාළ නඩු සඳහා ද එම ආයතනය සේවා සපයනු ලබයි. එමෙන්ම, වාණිජ සහ බැංකු ආශ්‍රිත නිරාකරණයන් වෙනුවෙන් ද එම ආයතනය සේවා සපයනු ලබයි. මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති NDB බැංකුවේ රු.බි.13.2 ක වංචාවට අදාළ නඩු විභාගයට ද බැංකුව පාර්ශවය වෙනුවෙන් කටයුතු කරනුයේ ශිවාන් කුරේ නීති ආයතනයයි. මීට පෙර නිවාස සංවර්ධන අධිකාරිය ජාත්‍යන්තර සංවර්ධනකරුවකු සමග ඇති කරගෙන ලැබූ තිබූ ආරවුලක් නිරාකරණය කරගැනීම පිණිස සේවා සපයා ඇත්තේ මෙම ආයතනය මගිණි.

පුළුල් නීති ක්ෂේත්‍රයක් පුරා පැතිරුණු මෙම ආයතනයට ලැබෙන නඩු සඳහා අති විශාල මුදලක් අය කෙරේ. එහි දී සිදුවන්නේ, දේවගැති අගවිනිසුරුවරයාගේ පුතුන් දෙදෙනා හරහා සිදුකරනු ලබන දැනුම්දීමක් අනුව අදාළ පැමිණිලි සම්බන්ධ විනිශ්ච්‍යයට අගවිනිසුරුවරයා සෘජුවම සම්බන්ධ වීමයි.

මෙයට ආසන්නතම උදාහරණය වන්නේ “එක්ස්පර්ස් පර්ල්” නැවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් තිබූ නඩුවට සිදු වූ ඉරණමයි. “අගවිනිසුරුගේ වීඩියෝ පට 2 ක් ලීක් ! අගවිනිසුරුට එරෙහිව අධිකරණයම පෙළ ගැසේ !” යනුවෙන් අප මීට පෙර වාර්තා කළ ප්‍රධාන පුවතේ සඳහන් කර තිබූ පරිදි, එම නඩු විභාගය සිදු කරමින් සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුලු පංච පුද්ගල විනිසුරු මඩුල්ලකි. එම විභාගය පැවැත්වෙන අතරතුර පංච පුද්ගල විනිසුරු මඩුල්ල අතුරු නියෝගයක් නිකුත් කරමින් “එක්ස්පර්ස් පර්ල්” නැව අයත් සමාගමට නියෝග කළේ ඇ.ඩො.බි. 1 ක් ශ්‍රී ලංකා රජයට ගෙවන ලෙසයි. මෙම අතුරු තීන්දුවෙන් ටික දිනකට පසුව දේවගැති අගවිනිසුරුවරයා විසින් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉවත් කර, ඒ වෙනුවට ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර එමගින්, පංච පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් ඩො.බි. 1 ක වන්දිය පිළිබඳ අතුරු නියෝගය අවලංගු කර නඩු විභාගය අවසන් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ දවල්  පහරණ ලද මෙම අවකල් ක්‍රියාව දේවගති අගවිනිසුරු විසින් සිදු කළේ පුත්තු දෙදෙනා මගින් ආ “ඩීල්” එකකට අනුවය. දමිතු සූරසේන හා චමල් සූරසේන හරහා පැමිණි අති විශාල කප්පමක් සහිත එම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රජයට සිදුවිය යුතු සාධාරණය ඉටු වූයේ නැත.

ජනප්‍රිය පුවත්  හය වසර සිසුන්ට සමලිංගික අධ්‍යාපනය !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශොණ කොමිෂමට අවශ්‍ය නම්, අපගේ මේ පුවතේ හරි වැරැද්ද දැනගැනීමට දේවගැති අගවිනිසුරුවරයාගේ පුතුන් දෙදෙනා සතු සුපිරි වාහන හා ලගදි අත්පත් කරගත් දේපළ නීත්‍යානුකූල ඉපැයීම් හරහා ලබාගත් ඒවාදැයි විමර්ශණය කළ හැක. රංග දිසානායකලා එය නොකළද අනාගත පාලනයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පහරා කප්පම් සඳහා තීන්දු දීමෙන් තර වූ හැටි අණාවරණය කෙරෙනු නිසැකය.

  • මුදිත ජයකොඩි –

දමිතු සූරසේන

ශිවන් කුරේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x