සැර බද්දට පෙර ගජ මිතුරෝ දුන් ගේම !!
1 min read
මේක අපි පිළිවෙලින් විමසා බලමු….
🔴 2026 මැයි 16 වෙනිදා ආනයනය කරනු ලබන වාහන සඳහා මෙරට රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට ආණ්ඩුව තීරණය කරනවා.
🔴 එම තීරණයෙ සඳහන් වෙනවා මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි (LC ) විවෘත කරන අයට මෙම අධිභාරය බල නොපානවා කියලා..
මේ නීතිය මැයි 16 වෙනිදා පනවනකොට ඊට කලින් දවසෙ ඓයිශ්චාර්යයක් සිද්ධ වෙනවා..
මැයි 07 සිට වාහන ආනයනය කළ මේ වගුව දිහා බලනකොට ඔබට ඒ ඓයිශ්චර්ය ඔබට බලාගන්න පුළුවන්..
🔴 මේ මැයි මස 07 වෙනිදා සිට විවෘත කළ ණයවර ලිපි වල වටිනාකම..
◼️ මැයි 07: ඇමරිකානු ඩොලර් මිලියන 2.6
◼️ මැයි 08: ඇමරිකානු ඩොලර් මිලියන 4.6
◼️ මැයි 11: ඇමරිකානු ඩොලර් මිලියන 3.8
◼️ මැයි 12: ඇමරිකානු ඩොලර් මිලියන 4.28
◼️ මැයි 13: ඇමරිකානු ඩොලර් මිලියන 8.36
🔴 මැයි 14: ඇමරිකානු ඩොලර් මිලියන 11.0
🔴 මැයි 15: ඇමරිකානු ඩොලර් මිලියන 23.0
( මැයි 09 සහ 10 යනු සෙනසුරාදා සහ ඉරිදා දිනයන්)
🔴 මැයි 15 වෙනි දින වාහන 1,782ක් සඳහා ණයවර ලිපි 380ක් විවෘත කරලා තියෙනවා
🔴 සාමාන්‍යයෙන් දිනකට ඩොලර් මිලියන 10 කට අඩුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම එක්වරම 14 සහ 15 යන දෙදින තුළ ඩොලර් මිලියන 11 ක් සහ 23 ක් වෙනවා..
මේ අස්වාභාවික වැඩි වීම අහඹුවක් ලෙස ඔබ සිතනවාද…?
📕 දැන් අපි බලමු 15 වෙනිදා මේ වාහන 1,782 ගෙන්නන්න ණයවර ලිපි අරගෙන තියෙන්නේ කවුද කියලා…?
🔴 හේලිස් මොබිලිටි සමාගම – වාහන 833
◼️ යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම – 205
◼️ ඩිමෝ ආයතනය – 180
◼️ AMW සමාගම – 165
◼️ මයික්‍රො කාර් සමාගම – 120
◼️ කාර්මාර්ට් පෞද්ගලික සමාගම – 90
◼️ ප්‍රෙස්ටීජ් ඔටෝ මෝබයිල් – 65
◼️ අයිඩියල් මෝටර් සමාගම – 50
◼️ සෙනොක් ඔටෝමෝබයිල් – 28
◼️ ජෝන් කීල්ස් ඔටෝ ජීසි – 12
◼️ පෞද්ගලික නම් වලට – 34
🔴 එතකොට ණයවර ලිපි නිකුත් කළ වාහන වලින් 47% ක්ම ධම්මික පෙරේරාගෙ හේලිස් සමාගම වීමත් අහඹුවක්ද..?
🔴 එමෙන්ම මෙහි නම සඳහන් ජෝන් කීල්ස් ආයතනයටද මීට පෙර වාහන ආනයනයේදි විවිධ චෝදනා එල්ල වී ඇත.
මේ සටහන බලන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන 16 වෙනිදා ඉඳන් අලුතින් පනවන බදු ක්‍රමය තමන්ගෙ ගජ මිතුරන් කීප දෙනෙක්ට ලීක් වෙලා කියලා..
තමන්ගෙ ගජමිතුරන් පිනවන්න ගිහින් රටට අහිමි වුණු බදූ ආදායම කොපමණ වෙනවා ඇද්ද..?
නිල නොලත් සංඛ්‍යා දත්ත අනුව එය බිලියන 10 යි මිලියන 350 ඉක්මවයි. ( 10,350,000,000 )
මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගෙ බෙල්ල මිරිකලා උන්ව හපයක් කරලා බදූ ගහන ආණ්ඩුව තම ගජමිතුරන්ට සැප දෙන අයුරු නියමය..
අත්වැරදීම්, වංචා, දූෂණ, කොමිස් වලට අමතරව පසුගිය වසර එකහමාරක් තුළ තම ගජමිතුරන් සංග්‍රහයටත් ඔබේ බදූ මුදලින් වැය වී ඇති මුදල රුපියල් බිලියන 50 ඉක්මවයි.
මරු නේද…?
මේ වන විටත් ආණ්ඩුවෙ ඉදිරි පැවැත්ම අවිනිශ්චිත වී ඇති ආර්ථික වටපිටාවක යන යකා කොරහත් බිඳගෙන යන පාටය.
නිලන්ත සත්සර ගමගේ ✍️
