July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාර්ථකත්වයේ රහස

1 min read

අද මේ රට කඩා වැටෙන්නත්, එක තැන පල් වෙන්නත්, අනිත් පැත්තටම මාලිමාව දේශපාලනයේ අතිසාර්ථක වෙන්නත් බලපෑවේ එකම හේතුවයි.

ඒ හේතුව තමයි වර්තමාන මාලිමාවට සහ ජවිපෙට රටේ හැමදෙයක්ම, හැම තීරණයක්ම, හැම කුඩා දෙයක්ම මාධ්‍ය ව්‍යාපෘතියක් වීම.

ඔවුන්ට ඇත්තටම උවමනා ව්‍යාපෘතියෙන් රටට හෝ මිනිස්සුන්ට ලැබෙනා ප්‍රයෝජනය නෙවෙයි.

ඔවුන්ට උවමනා ඒ ව්‍යාපෘතිය ගැන මිනිස්සු හිතන දේ විතරයි.

ඔවුන් අද මේ සිදු කරන මර්ධනයේ ඉඳලා හැම කුඩා තීරණයක්ම ගනිද්දි ඔවුන් වැඩිම බරක් දාන්නේ ඒ වැඩේට නෙවෙයි.

එහි මාධ්‍ය වැඩේට.

උදාහරණයක් විදියට කිව්වොත් දිත්වා සුළි කුණාටුවෙන් කැඩුනු රේල් පාර හැදීම ආණ්ඩුවට වැදගත් වෙන්නේ එතන තියෙන මාධ්‍ය වාසියට විතරයි.

හැබැයි ඒ මාධ්‍ය වාසියම කෝච්චි එන්ජිමක් ට්‍රක් එකක පටවලා ගන්න පුළුවන් නම්, මාලිමාව තවදුරටත් රේල් පාර හදන්න වොරි වෙන්නෙ නැහැ.

ඔවුන්ගේ මාධ්‍ය මෙහෙයුම ඉතාම සංවිධානාත්මකයි. ඒ වගේම මධ්‍යගතයි.

රාජ්‍ය මාධ්‍ය වේවා, ඔවුන්ගේ ප්‍රධානම ප්‍රොපගැන්ඩා මැෂිමක් වන සිරස මාධ්‍ය ජාලය වේවා, ශිෂ්ඨ විදියට යූටියුබ් එකේ මාලිමා ඇජෙන්ඩා එක ප්‍රමෝට් කරන බුවාලා වේවා, කුණුහරුප කියලා ඒ වැඩේම කරන සුදත්තලා වේවා, ෆේස්බුක් ඩෝබි බලකාය වේවා, ඇමතිවරුන්ගේ ෆේස්බුක් ගිණුම් වේවා ඔවුන් සියලූම දෙනා වැඩ කරන්නේ එකට.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම

ඒ සියලූම දෙනා එක න්‍යාය පත්‍රයකට, රේඛාවක ගමන් කරනවා.

මේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට කරගන්න බැරි වෙච්ච වැඩක්.

මේක ඇත්තටම ඉතාම අමාරු වැඩක්.

එතන පොයින්ට් එක තමයි මාලිමාව බලයට ආපු දවසෙ ඉඳලා අද වෙනකම් ඔවුන්ගේ ලොකුම කන්සර්න් එක මාධ්‍ය.

අනුර සහ පිරිස ලොකුම බර දාලා තියෙන්නේ මාධ්‍යයට.

කළින් කිව්වා වගේම යම් ව්‍යාපෘතියක මාධ්‍ය මෙහෙයුමෙන් ආණ්ඩුව ලකුණු දාගත්තට පස්සේ ආණ්ඩුවට ඒ වැඩේ තවදුරටත් වැදගත් නැහැ.

ඒ වගේම ආණ්ඩුවට ඇත්තටම වැඩක් නොකර, රටේ ඉන්න මුග්ධ මිනිස්සුන්ගෙන් ලකුණු දාගන්න පුළුවන් නම් ඔවුන් එතැනින් ඒ වැඩේ නවත්තනවා.

අද රටේ අධිකරණය සම්බන්ධ ගැටළුවක් තියෙනවා.

සාම්ප්‍රදායික ආණ්ඩුවක් මේ වගේ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්නේ නීතිඥ සංගමය එක්ක, විනිසුරුවරු එක්ක.

ඔවුන් කන්සර්න් උපරිම ඉංග්‍රීසි පත්තර වලට.

මාලිමාව ? ඔවුන්ට නීතිඥ සංගමයේ මතය හෝ කාගේවත් මත වැඩක් නැහැ.

ඔවුන් සාකච්ඡා කරන්නේ යූටියුබ්කාරයො එක්ක. යූටියුබ්කාරයො එක්ක එක කැම්පේන් එකක් හදලා, ඔවුන් වැඩේ කරනවා.

කිසිම ආණ්ඩුවක් මේ වගේ තීරණ අවම වශයෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියො එක්කවත් සාකච්ඡා කරලා නැහැ.
මාලිමා ආණ්ඩුව වෙනස් වෙන්නෙ එතනින්.

ජනප්‍රිය පුවත්  ඩබල් පොකට්, ඩබල් චරිත හා ඩබල් කැබි !

කළින් ආණ්ඩු නීතිඥ සංගමයේ ප්‍රෙස් එකට බයයි.

හැබැයි මාලිමාවට නීතිඥ සංගමය ඩිස්ක්‍රෙඩිට් කරලා දාන වැඩේ ඔවුන්ගේ මීඩියා ප්‍රොජෙක්ට් එකේ එක කෑල්ලක් විතරයි.

ඔවුන් නීතිඥ සංගමයට බය නැහැ.

ඔවුන් බය යූටියුබ්කාරයන්ට. නමුත් දැන් ඔවුන් එහි බලය අල්ලාගෙන අවසන්.

මාධ්‍යය බලයෙන් ඔවුන් ඔවුන්ට අවශ්‍ය නැරෙටිව් එක සමාජගත කරනවා.

ඒ වගේම මේ රටේ මිනිස්සු චූන් කරන හරිම නිලය ජවිපෙ අල්ලලා තියෙනවා.

ලංකාවේ මිනිස්සු චූන් කරන්න පොඩි දේවල් ඇති.

ඇත්තටම ආණ්ඩුකරනයේ මිනිස්සු සතුටු කරන්න වැඩි දේවල් උවමනා නැහැ.

හරියට නියම බරෙන් මීඩියා කැම්පේන් එක කළා නම් ඇති.

මාලිමාව ඒක හරියටම කරමින් ඉන්නවා.

සාමාන්‍යයෙන් මේ රටේ ආණ්ඩු බලයට ආපු ගමන් මීඩියා වැඩේ අතෑරියා.

එතැන ඉදලා ඔවුන් මිනිස්සු දිනන්න උත්සාහ කළේ වැඩ කරලා. ව්‍යාපෘති කරලා.

නමුත් විපක්ෂයේ ඉඳලා මීඩියා වැඩ කරපු උදවිය එතන ඉදන් ආණ්ඩු පන්නලා බලයට ආවා.

2015 සෝෂල් මීඩියා පෙරලියෙන් පස්සෙ තත්ත්වය වැඩි වුණා.

මාලිමාව ඒක හරියටම කියවාගෙන තියෙනවා.

ඔවුන් බලයට ආවට පස්සේ මීඩියා වැඩේට දාන බර තව වැඩි කරලා.

2015 න් පස්සේ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයට වඩා බරකින් ආණ්ඩුවක් මීඩියා කැම්පේන් එකක් කරමින් ඉන්නවා.

ජනප්‍රිය පුවත්  “හරිනිට එරෙහි යුද්ධයේ පැලවත්තේ අවිඥානය”

ඒ වගේම ඔවුන් බලයට ආවා කියලා රාජ්‍ය පාලනය වෙනුවෙන් දේශපාලනය අතෑරලා නැහැ.

කළින් ආණ්ඩු බලයට ආපු ගමන් රාජ්‍ය පරිපාලනය කැප කළා.

හැබැයි මාලිමා ආණ්ඩුව රාජ්‍ය පරිපාලනය වෙනුවෙන් දේශපාලනය කැපකරන්න ලෑස්ති නෑ.

මාලිමාවේ දේශපාලන සාර්ථකත්වයට හේතුව ඒක.

අනිත් පැත්තට රට එක තැන පල් වෙන්නේ ආණ්ඩුව වැඩ නොකර මිනිස්සු චූන් කිරීමේ සහ ජන මතය කන්ට්‍රෝල් කිරීමේ හැක් එක අඳුරගෙන තියෙන නිසා.

තවදුරටත් ඔවුන් කිසිම වැඩක් කරන්නේ නැහැ.

ඕනෑම තත්ත්වයක් මීඩියා මෙහෙයුමකින් වහලා මිනිස්සුන්ට නිදහසට කරුණක් කන්වින්ස් කරන්න ඔවුන් දක්ෂයි.

එම නිසා ඔවුන් වැඩක් කරන්න උත්සාහයක් හෝ ගන්නේ නැහැ.

ඒ වගේම ඔවුන් ආණ්ඩු බලය අරන් රාජ්‍ය පරිපාලනය වෙනුවට දේශපාලනය කරමින් ඉන්න නිසා රට වැටෙනවා.

මෙතන විශාලම ගැටළුව මාලිමා ආණ්ඩුව නෙවෙයි.

අනාගතයේ බලයට එන ආණ්ඩුත් මේක පුර්වාදර්ශයක් කරගත්තොත්, වැඩ නොකර ආණ්ඩු කරන් මීඩියා වැඩෙයි පොලිටික්ස් වැඩෙයි කරන්න ගත්තොත් රට ඉවරයි!

  • Sachin Rathwatte –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x