July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි

1 min read

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x