June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ සිය දිවි නසා ගනී ?විනිසුරු කලබල වේ !හෙටම කැදවයි !

1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙන බව මෝසමක් ගොනු කරමින් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතිඥ ශාවේන්ද්‍ර ප්‍රනාන්දු අද (3) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වුවා.

සිද්ධියට අදාල මෝසමක් ගොනු කරමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ අධිකරණ වාර්තා අනුව විශාදය, සංකාව, පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාවය යන තත්ත්වයෙන් තම සේවා දායකයා පෙළෙන බැවින් සියදිවි නසාගැනීමේ අවධානමත් තිබෙන බවයි.

තවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ රැදවුම් නියෝග මත සිටින තම සේවා දායකයා මානසික ප්‍රතිකාර වලට සුදුසු පරිසරයක තබන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී මෙම හදිසි තත්ත්වයක් ලෙස සලකා බලා මහේස්ත්‍රාත්වරයා හෙට පස්වරු 2 ට නඩුව කැඳවීමට නියෝග කළා.

මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයට නොතිසි ද නිකුත් කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x