June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් මිලියන 2.5 හොරකම ගැන හර්ෂණගෙන් ඉල්ලූ වාර්තාව හර්ෂගේ ගෙදරට එවලා – හර්ෂ වාර්තාව බාරගන්න බෑ කියයි !

1 min read

විදේශ ණයක් ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් වෙත යාම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව ඉල්ලා සිටි වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිය නිවසට එවා තිබූ බවත් තමන් එය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් රජයේ මුදල් කාරකසභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“අද මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තදින්ම හිටගත්තා. රටේ ආන්දෝලනාත්මකම ගනුදෙනුවක්, ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සොරකම සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට කිව්වා වාර්තාවක් ලබාදෙන්න කියලා සියලු විස්තර සහිතව. එතකොට කාරකසභාව අවසානයේ එකඟවුණා මේ වාර්තාව ලබාදෙන්න ඔවුන්ට සති හතරක් ලබාදෙන්න. ඒ සති හතර අවසානයේදී වාර්තාව එන්න ප්‍රමාදයකුත් සිද්ධ වුණා. කෙසේවෙතත් එවලා තිබෙන වාර්තාව අපිට පිළිගත නොහැකියි.

ඒක ඇත්ත වශයෙන්ම මට පුද්ගලිකවම එවලා තියෙන්නෙ. ඒක මගේ නිවසට එවලා තිබුණෙ ‘පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි’ කියලා. මම හර්ෂ ද සිල්වා කියන්නෙ මහජන නියෝජිතයෙක්. වාර්තාව ඉල්ලුවේ මට පෞද්ගලිකව පරිශීලනය කරන්න නෙවෙයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කරන්න. මම එය භාරගැනීම ප්‍රතික්ෂේප කරලා. නැවතත් පාර්ලිමේන්තුව හරහා ඔවුන්ට ලැබෙන්න සැලැස්වූවා. මුදල් පිළිබඳ සොයාබැලීමේ බලය පාර්ලිමේන්තුවට ඒකටනේ මුදල් කමිටුව පත්කරලා තියෙන්නේ. වාර්තාව මට එවීම ඒ වගකීම මුදල් කමිටුවෙන් උදුරාගැනීමක් . එහෙම වෙන්න බැහැනේ, එහෙම වෙන්නේ කොහොමද ? මුදල් කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත මම නියෝග කළා හෙට නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස. එය ලැබුණු පසු අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට හැකිවිය යුතුයි”

ජනප්‍රිය පුවත්  පාසලක සිසුන් දෙදෙනකු ගුටි ඇනගෙන සිසුවකු තවත් සිසුවකුගේ අත කපලා!

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x