June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සතොස “ලූණු … ලූණු …”

1 min read

ලංකා සතොස විසින් ලොකු ළුෑණු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 – 65 විය යුතු බවත්, ලොකු ළුෑණු කිලෝවක් ගෙඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ළුෑණු අලෙවියෙන් ඉවත් ව සිටි බව ළූණු ගොවීන් පවසති.

දේශීය ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ලංකා සතොසන් ලොකු ලුණු මිලදී ගැනීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී ආරම්භ කොට ඇති බවට විශාල දැන්වීම් පුවරුවක් දමා ඇති අතර ළුෑණු මිලදීගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ කාර්යාලය අසල පිහිටි සතොස මගින් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ නිලධාරීයෙකුගෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ, එකදු ළුෑණු ගෙඩියක් තවමත් ගොවීන් ගෙනවිත් නොදුන් බවයි. එමෙන්ම මෙම ප්‍රමිතීන් පැනවීමට පෙර ලොකු ළුෑණු අස්වැන්න යම් ප්‍රමාණයක් මිලදී ගත් අතර එය එක් ගොවියකුගෙන් ලොකු ළුෑණු කිලෝ 2000ක් පමණ වන බවයි. ලොකු ළූණු මිලදී ගන්නේ සතොස ලබාදී ඇති නිර්නායකවලට අනුව බවත් එසේ නොවන ලොකුළුණු මිලදී නොගන්නා බවද ඔහු සඳහන් කර සිටියේය.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හොරකම ගැන හර්ෂණගෙන් ඉල්ලූ වාර්තාව හර්ෂගේ ගෙදරට එවලා - හර්ෂ වාර්තාව බාරගන්න බෑ කියයි !

සතොස විසින් ලොකු ළූණු මිලදී ගැනීම සඳහා මෙලෙස නිර්නායක පනවද්දී අර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු කිලෝවක ගැනුම් මිල රුපියල් 90ක් වශයෙන් සටහන්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී ද මෙලෙසම පොල් ගෙඩියක වටප්‍රමාණය අනුව මිල තීරණය කිරීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x