April 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිෂ්ටාචාර ජාතියක මහිමය!

1 min read

ඊයේ (07) රාත්‍රිය ඉරාන වැසියන් ගත කරන ලද්දේ නිදිවර්ජිතවය. එහෙත් ඒ තම නිවාස තුළ නොවේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රියේදී විනාශ කර දමනු ලබන බවට ප්‍රකාශ කළ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය සහ සෙසු සියලු බලාගාර අසල ය. වනසනු ලබන බවට කී මහා පාලම් අසල ය. ඔවුහු ඒ ස්ථාන වෙත රැස් වී දේශාභිමානී ගී ගැයූහ. කලාකරුවෝ තම දෑත මත රැඳි වාද්‍ය භාණ්ඩ වාදනය කළෝ ය.

ට්‍රම්ප් කීවේ ඉරාන ශිෂ්ටාචාරයම මේ රැයේදී අතුගා දමනු ලබන බව ය. ඒ සඳහා වූ මිලිටරිමය සූදානම ඕනෑවටත් වඩා පෙනෙන්නට තිබුණි. මේ සියල්ල මැද ඉරාන ගැහැනුන්ගේ හා පිරිමින්ගේ මේ මහා නැගී සිටීම කුමන විශ්මයක් ද?

මෙබඳු මහජන නැගී සිටීමක්, මරණීය අවදානම දරාගත් මෙවැනි මහජන ප්‍රතික්‍රියාවක් තව කවර තැනක නම් දැක ගත හැකි වනු ඇත්ද? ඇමෙරිකා එක්සත් ජනපදයට මෙවැනි බිහිසුණු ඉරණමක අවදානමක් ඇති වුවහොත් එරට ජනතාව මේ අයුරින් ක්‍රියා කරනු ඇද්ද? ඊශ්‍රායල ජනතාව වෙතින් හෝ එවැන්නක් දක්නට හැකි වේද? මේ කුමන බලයක් ද?

ජනප්‍රිය පුවත්  සිරසේ ''සිරස"

ඇතැම් ඇමෙරිකානුවන් පවා බියට පත්ව සිටියේ ට්‍රම්ප් සීමාසහිත හානියක් ගෙන දෙන න්‍යෂ්ටික බෝම්බ ඉරානය මත පතිත කරනු ඇත කියා ය. එහෙත් ඉරාන වැසියන් ඊට බිය වූයේ නැත. ඒ කවර නම් සවියක් මත ද?

ශිෂ්ටාචාර උරුමයක් සතු වූ ජාතීන් හැසිරෙන්නේ, වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වුන් හැසිරෙන අන්දමට නොවේ. ශිෂ්ටාචාර උරුමය යනු ඒ මත නිපදවන සභ්‍යත්වයයි; සංස්කෘතියයි. එමගින් බැඳුණු ජාතිය පරමාණු බෝම්බයට වඩා බලගතු ය; එඩිතරය. කිසිවකුට හෝ කිසිවකට ඒ බලය පැරදවිය නොහැක.

ඉරානය සතුව ඇති බලවත්ම අවිය එයයි. ඉරානයේ ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 70%ක් කාන්තාවන් ය. ඉංජිනේරු උපාධිධාරීන් බිහිකිරීමෙන් ඉරානය ඉන්නේ ලෝකයේ අංක 04ට ය. වත්මන් පාලනය 1979 දී ඇති වන විට ඉරානය තුළ විශ්වවිද්‍යාල තිබුණේ 25කි. අද එය 2554කි. ශිෂ්ටාචාරමය උරුමය මත දැනුමේ බලය ආධිපත්‍යය ලද විට දිස්වන්නේ කිසිවකු නොසිතන පැන නැගීම් ය.

ඒ සාමකාමී, එහෙත් අති ප්‍රබල සාමූහික විඥානය ඉදිරිපිට එක්සත් ජනපද අවි බලය අක්‍රිය කෙරුණි. දැන් එක්සත් ජනපදයේ සෙනට් සභිකයෝ සූදානම් වන්නේ තම රාජ්‍යය අපකීර්තිමත් කළ පාලකයාව එළවා දැමීමට ය. ඒ සඳහා එරට ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති ඉඩ උපයෝගී කර ගන්නට ය.

ජනප්‍රිය පුවත්  ඉඩම් හිමි ජෙප්පෝ! කප්පන් කප්පිත්තෝ!

අප ද ශිෂ්ටාචාරමය උරුමයක් සහිතව ගොඩනැගුණු ජාතියකි. මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල වූ ඉරාන ජාතිය හා අප ඒ අතින් ඥාතීන් වෙති. එබැවින්, අපට ඉරාන ජාතිය දැනෙන්නේ නෑදෑයකු විලසිනි. ඇත්තටම එය ස්වාභාවික ය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x