July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන අල්ලස් කොමිෂම විමර්ශන අරඹයි…!

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය දූෂණ, වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දූෂණ විරෝධී පනත යටතේ ක්‍රියාත්මක මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන දනිෂ් අලි මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය.

මෙම විමර්ශනයට අදාළව, 2023 සැප්තැම්බර් 11 වැනි දින නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දීම සඳහා දනිෂ් අලි මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඒ අනුව, එළඹෙන ජූලි 31 වැනිදා අදාළ ලේඛන ද සහිතව එම කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ පරිපාලනය යටතේ සිදු වූ බව කියන දූෂණ මෙන්ම, තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ සිදු වූ බව පැවසෙන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව ද මෙම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

විශේෂයෙන්ම, එවකට ක්‍රිකට් පාලන අධිකාරිය සහ ඔට්ටුකරුවන් අතර පැවති බව කියන අනීතික සබඳතා, තරග පාවාදීමේ චෝදනා සහ ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් දනිෂ් අලි මහතා විසින් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x