July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වාස භංගය ජයගැනීම නිමිත්තෙන් අධිකරණ ඇමති වෙනුවෙන් යෝධ කටවුට් ගහලා..

1 min read

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙනුවෙන් මොරටුව ප්‍රදේශය පුරා විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ සත්‍ය කරුණු වටහාගෙන, එය පරාජය කිරීමට සහයෝගය ලබාදුන් අග්‍රාමාත්‍යතුමියටත්, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලුම අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කරන බව මෙම බැනර්වල දක්වා තිබේ.

මෙම ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමේ වගකීම මොරටුව ජනතාව විසින් භාරගෙන ඇති බව ද එම බැනර්වල සඳහන් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x