September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ අධිකරණයට

1 min read

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවා තිබේ.

එහිදී නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සී.ඩී. තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇති බව සඳහන්ය .හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන මහත්වරු කළ බව කියන ප්‍රකාශවලට අදාළ සී.ඩී. තැටි මෙලෙස භාරදී තිබේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබෙන බව සඳහන්ය.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සඳහා වවුනතිව් කඳවුරේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙන අතර එම සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

ජනප්‍රිය පුවත්  කැරපොත්තන්ගේ විරෝධතා පිටුපස සැබෑ සිසුන් නෑ?.. - විදේශීය මැදිහත්වීම් ගැනත් ප්‍රබල අනාවරණයක්..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x