October 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාම ආත්මය හා නන්දා

1 min read

කවුරුහරි රැවුලක් වවාගෙන ඇට මාලයක් දාගෙන ගලක් උඩට වෙලා ඉන්නවා භාවනා කරනවා වගේ.

දැන් දකින මිනිස්සු හිතනවා මෙන්න භාවනා කරන තාපසයෙක් කියලා. මිනිස්සු ගිහින් වඳිනවා. පූජා කරනවා. දන් දෙනවා.

හැබැයි ඇත්තටම අර ගල උඩ ඉන්න පුද්ගලයා හිතින් සිංදුවක් කිය කිය ඉන්න පුලුවන්.

එහෙම නැත්නම් රෑට කන්නේ මොනාද වගේ දෙයක් කල්පනා කර කර ඉන්නත් පුලුවන්.

හැබැයි ඒක තවදුරටත් අදාලද ?

ගල උඩ ඉන්න මනුස්සයාත් මේ ආතල් එක විඳිනවා. ඔහුත් දිගටම දානයන් බලාපොරොත්තුවෙන් හිතින් සිංදුවක් කියන් ඇට මාලය අතේ තියන් ඉන්නවා.

ටික ටික ඔහු ඒ හැසිරීම වර්ධනය කරගෙන කහ පාට ඇඳුමකුත් ඇඳ ගන්නවා.

ඒ කතාව හිතුණේ ඊයේ දැකපු දෙයක් දැකලා.

නන්දා මාලිනිය මියගිය ප්‍රවෘත්තිය ඇහුනම කණගාටු හිතුනා. විශාල ශෝකයක් දැණුනා.

නන්දා මාලිනි කියන්නේ අපේ සමාජයේ අවිඥානික දෘෂ්ටිවාදයේ අම්මා.

අපේ සමාජයේ අවිඥානික, ආත්මීය දෘෂ්ටිවාදය තමයි වාමාංශික චින්තනය.

නන්දා මාලිනි ඒ චින්තනයේ එක්තරා යුගයක අම්මා වුණා.

අන්න ඒ නිසයි මාලිනි ෆොන්සේකාට නොලැබෙන රාජ්‍ය ගෞරව, ශෝක දින නන්දා මාලිනිට ලැබෙන්නේ.

මාලිනි ෆොන්සේකා රඟපෑවා. කොටටත් ඇදලා හිටියා. යුගයක පිරිමින්ගේ ආශාවේ සිම්බල් එකක් වුණා. බුලත් කොලෙන් පාර්ලිමේන්තුත් ගියා.

එතකොට අර වාමාංශික සදාචාර පද්ධතියෙන් ඇය අහෝසි වෙනවා.

හැබැයි නන්දා මාලිනි සුදු සාරිය ඇන්දේ. ගායිකාවක්. විප්ලව ගීත ගැයුවා. නන්දා සම්බන්ධයෙන් පිරිමින්ගේ ආශාව තියෙන්නේ ඇය කියන විදියට විප්ලව කරන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. එතකොට ඇය තමයි සදාචාරයේ මුදුන් මල්කඩ.

ජැක්සන්, මාලිනි ෆොන්සේකා සැමරුනේ නැති විදියට නන්දා මාලිනි සැමරෙන්නේ ඒකයි.

ජනප්‍රිය පුවත්  අනෝජන්ගේ කතාව | අපට කියා දෙන කතාව

මොකද අපේ ආත්මය වාමාංශිකයි.

අපේ ආත්මීය දෘෂ්ටිවාදයට අනුව රඟපෑම ‘බාල’ වැඩක්. ගී ගැයීම ටිකක් ඕකේ. හැබැයි ‘විප්ලවවාදී ගී ගැයීම’ අතිශය පිරිසිඳුයි. විප්ලකාරීයි.

දැන් ඇමෙරිකාව වගේ රටක ඉහළින් සැමරෙන්නේ මැරලින් මොන්රො ද? ඇරීතා ෆ්‍රෑන්ක්ලීන් ද?

ඇමෙරිකාවෙදි පිළිගැනීමෙන් වේවා, ආදරයෙන් හෝ සැමරීමෙන් මැරලින් මොන්රොට ලං වෙන්නවත් ඇරීතාට බැහැ.

මොකද ඇමෙරිකාවේ ආත්මය ධනවාදීයි. අපේ ආත්මය වාමාංශිකයි. එලෙස වාමාංශික වීමට නන්දා මාලිනියත් යම් දායකත්වයක් දුන්නා.

ඒ වගේම ඔය නන්දා මාලිනි සම්බන්ධ විවේචනාත්මක අදහස් වලත් මට අනුව පොයින්ට් එක මගෑරිලා තිබුණා.

ඇත්තටම නන්දා මාලිනියගේ ප්‍රශ්නය ඇය පවන සිංදු කියපු එක නෙවෙයි.

ඇයගේ ප්‍රශ්නය පසුකාලීනව ඇය විසින් ඒ අදහස් නොදැරීම සහ ඇයම විසින් ඒ අදහස් පාවා දීම.

පවන සිංදු කියලා දිගටම ඒ අදහස් වල හිටියා නම් ඇය සටන්කාරීයක්. විප්ලවකාරියක්.

නන්දා මාලිනිය එක එක කාල වල එක එක සිංදු කිව්වා. ඒ සිංදු තීරණය කළේ සුනිල් ආරියරත්න.

ඒක තමයි දේශපාලනය සහ දේශපාලනය වෙනස් වෙනවා කියලා කෙනෙකුට කියන්න පුලුවන්.

ඒක අදාලයි සාමාන්‍ය පක්ෂ දේශපාලනයට.

හැබැයි හැටදාහක් මිය ගිය විප්ලවයකට සහභාගී වෙන්න රණ ගී කියලා පස්සේ ඒ දේශපාලනය වෙනස් කරනවා කියලා අහිංසක විදියට ඉවත් වෙන්න බැහැ.

විජය කුමාරණතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් , සාගරික ගෝමස් වගේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙන්නෙත් ඒ කැරැල්ලෙන්.

ඒ නිසා කැරැල්ල තවත් එක් සරල අහිංසක දේශපාලන මොහොතක් නෙවෙයි. මිනිස් ජීවිත හැටදහසක් අහිමි වෙච්ච තීරණාත්මක මොහොතක්.

ජනප්‍රිය පුවත්  මිත්‍රවරුණි,ඔබේ හිත රිදෙන ඇත්තක් කීමට ඉඩ දෙන්න

නමුත් අපි කැරැල්ල සදාචාරාත්මක සීමා වලින් විනිශ්චය නොකර පිළිගනිමු. කැරැල්ල නිර්මාණය වෙන්න එවකට පැවැති ආණ්ඩු වල මර්ධනයත් බලපෑවා.

එම නිසා කැරැල්ල අයිති කැරලිකාරයන්ට විතරක් නෙවෙයි.

කැරැල්ල යුගයේ ස්වාභාවික උපතක් කියලා අපි පිළිගනිමු.

නමුත් කැරැල්ල බරපතලයි. එම නිසා මිනිස් ජීවිත හැට දහසක් අහිමි වුණා.

මම නැවත නැවත කියන්නේ ගැටළුව නන්දා මාලිනිය ජවිපෙ කැරැල්ල වෙනුවෙන් ගී ගැයීම නෙවෙයි.

පසුකාලීනව ඒ මතය වෙනුවෙන් පෙනි නොසිට එන එන රැල්ලේ එල්ලීම තමයි ගැටළුව.

කැරැල්ල සමග මිනිස් ජීවිත හැට දහසක් බැඳී තිබුණු නිසා කැරැල්ල අත්හැරීම මේ සාමාන්‍ය දේශපාලන මතයක්, පක්ෂයක් වෙනස් කරනවා වගේ සරල දෙයක් නෙවෙයි.

ඉතා බරපතල වැඩක්. කැරැල්ල නිසා දිවි බේරාගත් අයට පසුකාලීනව එයින් ඉවත් වෙන්න සහ ඒ අතීතය සැඟවීමට අවස්ථාවක් තිබුණට, කුමන හෝ ඉන්ෆ්ලුවෙන්ස් එකක් දශමයක් හෝ බලපෑම නිසා කැරැල්ලට සම්බන්ධ වී මියගිය පිරිසට ඒ චොයිස් එක නැහැ.

අන්න ඒක තමයි ගැටළුව.

ගුණදාස කපුගේ වගේ චරිතත් කැරැල්ල වෙනුවෙන් ගී ගැයුවා. නමුත් ඔහු ජීවිත කාලයම එකම ස්ථානයක හිටියා. එතකොට කපුගේ සම්බන්ධයෙන් මේ විවේචන වලංගු නැහැ.

ඔහුට හැමෝම ගරු කරනවා.

නමුත් නන්දා, සුනිල් ආරියරත්න කියන හුළඟ ගහගෙන යන දිහාවට හැරුණා.

අනිත් ප්‍රශ්නය සුනිල් ආරියරත්න කියන හුළඟ හැමුවෙත් ආත්මීය අවශ්‍යතා මත නෙවෙයි. වෙළඳපොලට අනුව.

අවශ්‍ය නම් දේශපාලනය වෙනස් වෙන බව පිළිඅරන්, පාපොච්චාරනයක් කරලා වෙනස් වුණා නම් ඒත් ගැටළුවක් නැහැ.

හැබැයි තමන්ම විරුද්ධ වෙන වෙළදපොල වෙනුවෙන්, හුළඟ හමන හමන පැත්තට හැරීම අහිංසක නැහැ.

ජනප්‍රිය පුවත්  ජමාත්–ඒ–ඉස්ලාම් බලපෑම, SIS වාර්තා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අලුත් ප්‍රශ්න

ඒක තමයි මහා විසංවාදය.

ඔවුන් වෙළඳපොලට, විකිණීමට එළිපිට විරුද්ධ වුණා.

හැබැයි ඔවුන් පොලිටිකලි කරෙක්ට් විදියට, සියුම්ව විකිණීම දිගටම කළා. ඒ යුගයේ විකිණෙන මාතෘකාව තෝරගෙන ඒ අනුව සිංදු කිව්වා.

දේශපාලනය සාම ගිවිසුම් ගහලා, සාමය සමාජයේ ජනප්‍රිය මතය වෙද්දි ඔවුන් නිලම්බරේ සුදු පරෙවි රෑන් යන සිංදු කිව්වා.

එතකොටත් උතුරු නැගෙනහිර රටේ කොටසක් කියලා , ෆෙඩරල්කරනයට විරුද්ධව හැටදහසක් මිය ගිහින්.

ෆෙඩරල්කරනයට පක්ෂපාතී නිසා ඒ කණ්ඩායම විසින් විජය කුමාරණතුංග ඝාතනය කරලා.

ඒ ප්‍රතිපත්ති පාවා දීම සිදුවෙන්නේ දේශපාලනය නිසා නෙවෙයි වෙළඳපොල නිසා.

හැබැයි ඔවුන්ගේ මතුපිට දේශපාලනය තිබුණේ වෙළඳපොලට විරුද්ධව.

ඒ නිසා තමයි අර කත්නෝරුවේ බුවා ඇවිල්ලා ඔහුගේ මනසට තේරෙන විදියට “නන්දා මාලනී කව ‘ධාආආ’ වත් සල්ලි වලට සිංදු කිව්වේ නෑ” කියලා කියන්නේ.

මොකද නන්දා මාලිනි සල්ලි වලට සිංදු කීම ඔවුන්ට අනුව ලොකු අවුලක්. ඇයගේ වාමාංශික චින්තනයෙදි ඇය ඒක ප්‍රතික්ෂේප කළා.

එම නිසා ඔවුන් නන්දා මාලිනි මුදල් වලට සිංදු නොකියු යථාර්තයක් ගොඩනගා ගන්නවා.

හැබැයි ඇය ජීවිත කාලය පුරාම ඇය විකිණුවා පමණක් නෙවෙයි විකිණුනා. මේ මොහොතේත් ඇය විකිණෙමින් තිබෙනවා.

අර තාපසයාගේ කතාව එන්නේ එතැනදී.

මාලිනි ෆොන්සේකා ලංකාවේ මහා නිළිය වුණා වගේ ඇය තමයි ලංකාවේ මහා ගායිකාව.

ඇයට නිවන් සුව අත්වේවා!

සචින් රත්වත්ත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x