September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්, දිලිත්, උදය ඇතුළු පිරිස දඩයමට සැරසේ!

1 min read

හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහි අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය බැලූ බැල්මට අධිකරණයට අපහාස කර ඇතැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබේ.


කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 20226 අගෝස්තු මස 05 වැනිදා සිදු කර ඇති මෙම නියෝගයට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසට එරෙහිව අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කිරීම (ලියකියවිලි යොමු කිරීම) අද (23) සිදු කර තිබේ.


2024 අංක 8 දරන අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයකට දඩුවම් නියම කිරීමට ඇති බලය සීමිත බැවින් මෙම පිරිසට එරෙහිව නිසි නඩු පැවරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් කරුණු අභියාචනාධිකරණය වෙත යොමු කර තිබේ.


පසන් අමරසේන යනු, අධිකරණ සේවා සංගමයේ සභාපතිව සිට, ඉහළ අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය වෙනුවෙන් පක්ෂව පෙනී සිටි විනිසුරුවරයාය. එම සංගමයේ මහ සභා රැස්වීමට ඒ හේතුව මත මුහුණ දීමට නොහැකිව පසන් අමරසේන සිය සභාපති තනතුරින් ඉල්ලා අස් වූයේය.

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනුරගේ උරුමයට කළු පැල්ලමක් - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

වසන්ත සමරසිංහ , මහින්ද ජයසිංහ, සහ රංජනී ජයලාල් යන තිදෙනාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දේපල වංචාවකට අදාල නඩු විභායකදී එම විභාගය සිදු කරන ලද එවකට එහි සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ඒ.ඩී. චතුරිකා ද සිල්වා වසන්ත සංමරසිංහ ඇතුළු පිරිසට එරෙහිව නියෝගයක් සිදු කිරීමට නියමිතව තිබිය දී ඇයව එම ස්ථානයෙන් මාරු කර යවා අධිකරණ සේවා සංගමය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආවේ මේ පසන් අමරසිංහවය. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් වීමෙන් පසු වසන්තලාට අවශ්‍ය පරිදි නඩු විභාගය සිදු කිරීමට පියවර ගත්තේය.


උග්‍ර ජ.වි.පේ මතධාරීයකු වන පසන් අමරසේකර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ ද සමීප මිතුරෙක් වේ.


පසන් අමරසේනට පෙර කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සිටිය් ඉසුරු නෙත්තිකුමාරය. ජනාධිපති අනුර කුමාරට වැදගත් වී තිබෙන සුරේෂ් සලේ සම්බන්ධ අධිකරණ කටයුතු හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයට අදාල නඩු විභාගය ඔහු විසින් ආණ්ඩුවට ගැතිව සිදු නොකීරීම මත ඉසුරු ශාන්තකුමාර මාරු කර යවා පසන් අමරසේනව කොටුව මහේස්ත්‍රාත් ලෙස නම්කරන ලද බව ක්ෂේතුයතුළ බොහො සේ ප්‍රකටය.

ජනප්‍රිය පුවත්  සුළු පක්ෂ එකමුතුව පිටුපස ඉන්දියාව !


මොහු පිළිබඳ සුවිශේෂි අනාවරණයක් ඉදිරියේ දී සිදු කිරීමට The underground news විමර්ශන අංශය සූදානමින් සිටින බව අපි වාර්තා කර සිටිමු.

-තිලක් වන්නිනායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x