June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ – මුදල් නියෝජ්‍ය ඇමති

1 min read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ පවත්නා ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකාව තුළ භාවිත වන ඉන්ධන මීට මාස කිහිපයකට පෙර සැලකිය යුතු ඉහළ මිලක් යටතේ ආනයනය කරන ලද ඒවා බව හෙතෙම පෙන්වා දුන්නේය.

“එම වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග අවසන් වනතුරු දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ.”

කෙසේ වුවද, දැනට පවතින ඉන්ධන තොග අවසන් වී, අඩු මිලට ඇණවුම් කළ නව ඉන්ධන තොග දිවයිනට ලැබීම ආරම්භ වූ පසු ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට අවස්ථාව ලැබෙනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෑතකදී මෙරටට ලැබුණු ඉන්ධන නැව් තොග අඩු මිලට මිලදී ගත් ඒවාද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයන්ට ලබා දීමට පෙර, පෙර ඇණවුම් යටතේ වැඩි මිලට ආනයනය කරන ලද ඉන්ධන තොග පරිභෝජනය කර අවසන් කළ යුතු බවයි.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ උද්ඝෝෂණවලට පාසල් නිල ඇදුමෙන් දරුවන්!

“අඩු මිලට මිලදී ගත් ඉන්ධන පාරිභෝගිකයා වෙත ලැබීමට යම් කාලයක් ගතවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඉදිරියේදී මිල පහත වැටෙන විට, දැනට ලබා දී ඇති සහන ඒ අයුරින්ම පවත්වාගෙන යනවාද නැතහොත් ඉන්ධන මිල තවදුරටත් අඩු කරනවාද යන්න පිළිබඳව රජය අවධානය යොමු කරනවා.” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x