රටපුරා ඩෙංගු අවදානම ශීඝ්‍රයෙන් ඉහළට
1 min read
ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රෙයන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු යන පළාත්වලින්.
මේ වනවිට දිවයින පුරා වාර්තා වන සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33864ක්.
ඩෙංගු රෝගීන් 19 දෙනෙකු මේ දක්වා කාලය තුළ මියගොස් තිබේ.
ඒ අනුව ලබන 8, 9 සහ 10 යන දින තුනෙහි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, එම දිනවල තමන්ගේ පරිශ්‍රයන් පිරිසිදු ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 74ක එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.
