June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෑස් මිල ගැන තීරණය අනිද්දා

1 min read

ජූනි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය අනිද්දා (04) දිනයේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජූනි මස 05වනදා ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය.

මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව අනිද්දා දිනයේදී ලැබීමට නියමිතව තිබේ.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවය.

කෙසේවෙතත් පසුගිය මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x