June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටට ඩොලර් ගේන්න IMF බාධා කරන කතාව බොරු

1 min read

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට තමන් කොන්දේසි පනවා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ණය ලබා ගැනීමේදී විවිධ කොන්දේසි පැනවුවද රටට ආධාර හෝ ආයෝජන ලබා ගැනීමට එවැනි කොන්දේසි තම ආයතනය පනවා නොමැති බවද ඔවුහු අවධාරණය කරති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය මේ බව තහවුරු කර ඇත්තේ ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය ඊයේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සංගීත් විජේසූරිය ප්‍රකාශ කළේ මාලිමාණ්ඩුව පත්වීමෙන් පසු සිය මිතුරා තවත් පිරිසක් සමග එක්ව ඩොලර් මිලියන 23ක් ලංකාවට ගෙන ඒමට සූදානම් වූ බවයි.

කෙසේ වුවද ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම නිසා නෛතික බාධාවක් මතුව ඇති බවත් ලංකාව දැනට IMF යටතේ පවතින නිසා එලෙස මුදල් රැගෙන ඒමට නොහැකි බවත් සංගීත් විජේසූරිය එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වුවද අදාළ ප්‍රකාශයට කිසිදු පදනමක් නොමැති බව තහවුරු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේදී මෙම ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් පළ කරන බවද සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල ඉහළට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x