ආණ්ඩුව ට රට ගැන ඉදිරි දැක්මක් නැහැ | සභාපති – ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමය
1 min read
වර්තමාන ආණ්ඩුව තමන් රැවටුණු හෙයින් කබලෙන් ළිපට වැටුණු බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර පවසයි.
ව්‍යයසායකත්වය නංවන බවට ප්‍රතිඥා දෙමින් බලයට ආ ආණ්ඩුවට ඉදිරි දැක්මක් නොමැති වීම නිසා දැඩි අවිනිශ්චිතතාවකට රට ගොදුරු වී ඇතැයිද ඇය පෙන්වා දෙයි.
ආණ්ඩුව ගන්නා සියලුම තීන්දු රටේ ව්‍යවසායකත්වය නැසෙන ව්‍යාපාරිකයන් රැකෙන තීන්දු බවද ව්‍යවසායකයන් ආර්ථික මර්දනයට ලක්ව ඇතැයිද ටානියා අබේසුන්දර චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කීවාය.
