June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිද්දෙනියේ ‘‘කෙමිකල්“ අයිස් නොවේලු!

1 min read

පසුගිය දා මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් ”අයිස්” නැමැති මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නේ යැයි කියන රසායනික ද්‍රව්‍ය එවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාවා ගත නොහැකි රසායනික ද්‍රව්‍යක් බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පොලීසියේ  ජ්‍යේෂ්ඨ නිලධාරියකු අප හා පැවසුවේ, අදාළ රසායනික ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යවනු ඇති නමුත්, එහි ප්‍රතිඵල ඒමට කල් ගත වන බැවින් පිළිගත් පරීක්ෂණාගාරයකට යවන ලද බවයි. එම රසායනාගාර පරීක්ෂණ වාර්තාව අනුව, එකී රසායන ද්‍රව්‍ය අයිස් නැමති මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගත හැකි රසායන ද්‍රව්‍යක් නොවන බව සනාථ වී තිබේ.

ඒ අනුව. එකී ජ්‍යේෂ්ඨ පොලිස් ප්‍රධානියා අප හා පවසනු ලැබුවේ මෙම වාර්තාවන් නිල වශයෙන් නිකුත් කිරීමෙන් පසු, ආණ්ඩුවේ ”අයිස්” නාටකය නිමවනු ඇති බවයි.

ජනිතා කාරියකරවන underground වාර්තාකරු  

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x