බාල ගල් අඟුරු ගෙන්වූ සමාගමටම ලබන වසරේ ටෙන්ඩරයත් දෙන්න හදනවා?.. – සංඛගෙන් විශේෂ හෙළිදරව්වක්
1 min read
2027 වසරට අදාලව ගල්අඟුරු ටෙන්ඩරය ලබදීමට සූදානමක් පවතින බවත්, මෙම ගල්අඟුරු ටෙන්ඩරයට ද සිදුවන්නේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ සිදුකළ ටෙන්ඩරයට වූ දේම බවත් සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙනා විට එම ටෙන්ඩරය ප්‍රතික්ෂේප කළ යුතු වුවද ආණ්ඩුව එසේ සිදු නොකළ බවත්, සූක්ෂමව වචන වෙනසක් පමණක් සිදුකර අමුතුම ආකාරයේ ගල්අඟුරු ටෙන්ඩරයක් ලබාදීමට නියමිතව ඇති බවත් ඒ මහතා හෙළිදරව් කරයි.
