August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක් – 5ක් ජීවිතක්ෂයට

1 min read

පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 41 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන නැගෙනහිර ජාවා හි සුරබයා සිට දකුණු සුලවේසි හි මකසාර් බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව, ගිනිගැනීමට ලක්ව ඇත්තේ මධුර දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදීය.

නෞකාවේ හදිසියේ ගින්න හටගැනීමත් සමග ක්‍රියාත්මක වූ එහි කපිතාන්වරයා, වහාම ඒ පිළිබඳව එරට ජාතික සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සිය වෙත දැනුම් දී ආධාර ඉල්ලා ඇත.

අතුරුදහන් වූ පිරිස සෙවීම සහ අනතුරට පත් අනෙකුත් මගීන් මුදාගැනීම සඳහා ඉන්දුනීසියානු ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් මේ වන විටත් විශේෂ සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x