June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි

1 min read

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගන (Pentagon) ගොඩනැගිල්ල තුළ හටගත් “අන්තරායකර ද්‍රව්‍ය සබැඳි සිදුවීමක්” (hazardous materials incident) හේතුවෙන් එහි මහල් සහ කොරිඩෝ කිහිපයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එහි සිටි පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් සඳහන්.

එමෙන්ම, මේ පිළිබඳව අදහස් දක්වමින් පෙන්ටගන ප්‍රකාශකයා තහවුරු කර ඇත්තේ, ගොඩනැගිල්ල තුළ ඇති පද්ධති මඟින් වාතයේ ගුණාත්මකභාවයේ වෙනසක් (air quality issue) හඳුනාගෙන ඇති බවයි.

“මෙම තත්වය කුමන මට්ටමක පවතින්නක්දැයි නිශ්චිතවම හඳුනා ගන්නා තෙක්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.” යනුවෙන් පෙන්ටගන ප්‍රකාශක‍යා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x