June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ නාටකයේ දේශපාලනය

1 min read

හිටපු බුද්ධි ප්‍රධානිවරයකු වූ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබේ. ඔහු වධහිංසනයට ලක් කරන්නේය යන චෝදනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල වී තිබේ.
දේශීය මෙන්ම විදේශීය බුද්ධි අංශ ද පාස්කු ප්‍රහාර එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් අතරට රිංගා සිටි බව ඉතා පැහැදිලිය. ප්‍රහාරය පිළිබඳ කල් තබා තොරතුරු ලැබුණේ ඒ නිසා ය. ගැටලුව තිබෙන්නේ ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නො ගැනීම තුළ ය.

එසේ ක්‍රියාමාර්ග නො ගත් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකු වන්නේ ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හොබවන ශානි අබේසේකර ය. ශානි එවකට ද එම තනතුර දැරී ය.

පසුව පූර්ණ කාලීනව ජාතික ජන බලවේගයේ දේශපාලනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින්ම ප්‍රකාශ කළ ශානි ඉතා ආචාර ධර්ම විරෝධී ලෙස වත්මන් ආණ්ඩුව විසින් විශ්‍රාම යාමෙන් පසු නැවත සේවයට බඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දී ඇත.

ජනප්‍රිය පුවත්  වසර 30 ක ඇමරිකානු සිහිනය දින 4 කින් අළු වූ හැටි..

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයකු වන ඔහු මේ වන විට ඒ පිළිබඳ විමර්ශනය කරන ප්‍රධානියා බවට පත් වී තිබේ.

ශානි හා රවී දෙපළ වත්මන් තනතුරුවලට පත් කර තිබෙන්නේ කාදිනල් කුරේගේ උවමනාව මත බව බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදීම පැවසී ය.

කාදිනල් කුරේගේ ක්‍රියාකලාපය අතිශය ගැටලු සහගතය. පාස්කු ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් අන්තවාදීන්ට කිසි දිනෙක චෝදනාවක් එල්ල කර නොමැති ඔහු ඒ සම්බන්ධයෙන් මහ මොළකරුවකු පිළිබඳ සැකයක් සමාජය තුළ නිර්මාණය කිරීමේ ප්‍රමුඛයාය. මුලින් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඉවහල් වන පරිදි මෙම මහ මොළකරු කතාව ප්‍රවර්ධනය කළ ඔහු ඉන් පසු ගෝඨාභයට එරෙහිවම එම මහ මොළකරු කතාව ප්‍රවර්ධනය කළේය.

2022දී රජය බංකොලොත් තත්වයට පත් වීමත් සමග පැන නැගි අරගලය තුළ හඳුනා ගත හැකි ප්‍රධාන ජනවාර්ගික ලක්ෂණය වන්නේ එහි ඇති සිංහල-බෞද්ධ-ගොවිගම-විෂම ලිංගික පිරිමි විරෝධී පුළුල් හා අශුද්ධ සන්ධානයක ලක්ෂණයි. කිසිදු ඵලදායී යමක් අලුතින් නිර්මාණය කිරීමේ හැකියාවක් නැති මුත්, මෙම සන්ධානය නිදහසින් පසු නිර්මාණය වූ ශ්‍රී ලංකා රාජ්‍යය විනාශ කිරීමේ විභවයකින් යුක්තය.

ජනප්‍රිය පුවත්  ව්‍යසනයක් ද? නොසළකා හැරීමක් ද?

මෙම අශුද්ධ සන්ධානය තුළ විවිධ පාර්ශ්වවලට විවිධ අරමුණු තිබේ. ඒ අතරින් තවමත් ප්‍රබලතම බලවේගය වන්නේ ඊලාම්වාදීන්ය. කොටින් පරාජය නොවුණා නම්, ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රචණ්ඩ අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව වැඩියෙන්ම තිබුණේ ඔවුන්ටය. විදෙස්ගත ප්‍රජාවේ මෙන්ම කතෝලික අනුග්‍රහය ද ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විනාශ කිරීමේ ලා රාජපක්ෂවරුන් විසින් කරන ලද කාර්යභාරය හේතුවෙන් ඔවුහු දැඩි වෛරයකට ලක් ව සිටිති.

සිංහල-බෞද්ධ හා විශේෂයෙන්ම ගොවිගම ප්‍රජාවගේ සහයෝගය තිබෙන තුරු රාජපක්ෂවරුන්ට අත තැබීමට කිසිවකුට නොහැකි වූ මුත්, 2022 බංකොලොත් වීමෙන් පසු තත්වය වෙනස් විය.

2024දී ජවිපෙ බලයට පැමිණෙන්නේ 2022 අරගලයේ බලවේගවල අනුග්‍රහයෙනි. සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යයට එරෙහි බලවේග එහි ප්‍රබලම ශක්තියයි. දෙමළ විදෙස්ගත ප්‍රජාවේ සිට ඕමල්පේ සෝභිත හිමි දක්වා පුළුල් අශුද්ධ සන්ධානයක උවමනාවන් ඉටු කිරීමට ජවිපෙ සැදී පැහැදී සිටියි.

සලේ ජවනිකාව හරහා ඔවුහු උත්සාහ කරන්නේ රාජපක්ෂවරුන් මත පාස්කු ප්‍රහාරයේ චෝදනාව පැටවීමටයි. මෙම ගනුදෙනුව ඉතා ප්‍රචණ්ඩ අයුරින් විසඳා ගැනීමට නියමිතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණක් නොව, මරණ දඬුවම පවා ක්‍රියාත්මක විය හැකි දේශපාලන සංදර්භයක් නිර්මාණය වෙමින් තිබේ.

ජනප්‍රිය පුවත්  ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසියි…?

එසේම, එය එතැනින් නතර වන්නේ ද නැත. සිංහල-බෞද්ධ-ගොවිගම පමණක් නොව, බෞද්ධ මෙන්ම සිංහල ආධිපත්‍යය ද අවසානයේ ශ්‍රී ලංකා රාජ්‍යය ද ප්‍රචණ්ඩ අයුරින් ප්‍රතිව්‍යූහගත කිරීමේ මාවතකට අපි පිවිස සිටින්නෙමු. මෙම මග යොමු වී ඇත්තේ කුමන අන්තයකට දැයි පැහැදිලි නැත. එකක් පමණක් පැහැදිලිය. සාමය දිශාවට නම් නොවේ.

ශ්‍රී ලංකාවේ බලය මේ වන විට ඇත්තේ කැරැලිකරුවන් අත බව ප්‍රභූ දේශපාලකයන්ට තවමත් තේරෙන්නේ නැත. දේශපාලනය යනු යුද්ධය මිස සාමය නොවේ.

  • අජිත් පැරකුම් ජයසිංහ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x