පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤ කණ්ඩායමට
1 min read
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්, ගෝල 1 – 0 ක් ලෙස ජයග්‍රහණය හිමි කරගෙන, 2026 පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ පළමු අර්ධයේදී හා දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා නොකිරීම හේතුවෙන් තරගය අතිරේක කාල දෙකක් දක්වා ගොස් තියුණු තරගයක් දැක ගැනීමට ලැබුණා.
එහිදී, දෙවන අතිරේක කාලය තුළ, 106 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන් Ferran TORRES ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයේ පෙරමුණ ගත්තා.
මෙම තරගය අතරතුර ආර්ජන්ටිනා කණ්ඩායමේ Enzo FERNANDEZ 90+3 වන මිනිත්තුවේදී රතු කාඩ්පතක් ඉදිරිපත් කර පිටියෙන් ඉවත් කෙරුණා.
2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානයක් දිනාගත් ස්පාඤ්ඤ කණ්ඩායම ඉන් වසර 16 කට පසු සිය දෙවන FIFA ලෝක කුසලානය මෙලෙස හිමිකර ගැනීමට සමත් වුණා.
