June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රමිෂ්කා සනසන්න රනිල්ව ඇතුළට දැම්මද?

1 min read

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ‘‘අවලාද ව්‍යාපාරයක්“ දියත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ හා මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා එක්ව බවත්, ඒ බව තමන් ජනාධිපති අනුර දිසානායකට පැවසීමෙන් පසුව, රනිල්ව හිරේ දැමීමට ඔහු තීරණය කරන ලද බවත්, ප්‍රමිෂ්කා පෙරේරා ඇයගේ සමීප ව්‍යාපාරිකයන් සමඟ පවසන බව underground වෙත වාර්තා වේ.

ඇය ඒ බව තම සමීප ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමඟ පවසන්නේ ඉමහත් ආඩම්බරයෙන් බවද අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ. පසුගියදා මෙම කරුණ SISI TV නමින් YouTube නාලිකාවක් පවත්වා ගෙන යන මාධ්‍යකරුවෙකුද තම නාලිකාව හරහා අනාවරණය කර තිබුණි.

 කිසියම් කාන්තාවක් සම්බන්ධ කර ජනාධිපතිවරයාට අවලාද නගන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥයකු මගින් රහස් පොලීසියට පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබුණත්, එම පැමිණිල්ල පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැතැයි ද මේ අතර වාර්තා වේ. රටට පෙනෙන්නට එම  පැමිණිල්ල දැමුවද, ඒ ගැන පරීක්ෂණ කිරීම අනවශ්‍ය බව රහස් පොලීසියට ඉහළින් දැනුම් දී ඇතැයි ද අපගේ ආරංචි මාර්ග පවසයි.

ජයලත් වීරවර්ධන  underground වාර්තාකරු

ජනප්‍රිය පුවත්  විදේශිකයන් 200,000ක් මෙරට රැකියාවල

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x